වතුර වළකට ඇද වැටී නෙඩුන්කුලම් දැරියක් මියයයි

119

පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාව නිසා වැසි ජලය එකතු වූ වළකට ඇද වැටීම නිසා කිළිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම් ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දැරියක් 23 දා මියගොස් තිබේ.

පුස්පරාසා මිතුසනා නමැති මෙම දැරිය වතුර වළට වැටෙන අයුරු කිසිවෙකුත් දැක නොමැත.

දැරිය නිවසේ නොමැති තැන ඇය පිළිබඳව සොයා බැලූ අවස්ථාවේදි ඇය වතුර වළකට වැටී දඟලන අන්දම දැක දෙමව්පියන් ඇයව පුනරීන් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. දැරිය රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය් පැවැත් වූ පුනරීන් රෝහලේ වෛද්‍ය එස්. ශිවමූර්තී මහතා ප්‍රකාශ කොට ඇත්තේ දැරිය දියේ ගීලීම නිසා පෙනහළුවලට ජලය ප්‍රීමෙන් ඇයට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නොහැකි වීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

පුනරීන් පොලිසිය විසින් මෙම මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවන අද අතර සියලු කටයුතු වලින් පසුව දැරියගේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත බාර දී තිබේ.
දිනසේන රතුගමගේ


advertistmentadvertistment