වතු සේවක වැටුප් ඉහළ දැම්මයි ඇමැති මනුෂට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් පැසසුම්

64

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගි වෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර ඇමැතිවරයාට සිය ප්‍රසාදය පිරිනැමීය. ජිනීවා නුවරදී ඇමැතිවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත හිමාලි අරුණාතිලක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් වසන්තන්, කම්කරු කොමසාරිස් ජනරාල් ජයසුන්දර, ඇමැතිවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment