වනගහනය වැඩි කිරීමට හෙක්ටයාර 16000 ක් වගා කරනවා – ඇමැති මහින්ද අමරවීර

101

එළඹෙන 2025 වන විට වන ගහනය සියයට 30ක් දක්වා වැඩි කිරීම සඳහා හෙක්ටයාර 16000ක් පමණ වන වගා කිරීමට පුළුල් සැලැස්මක් අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් කි‍්‍රයාත්මක කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (7 දා) පෙ.ව. 9.30ට රැස්විණ.

ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 2022 අයවැය ලේඛනය පිළිබඳ විවාදය 20 වැනි දිනටත් ආරම්භ කරමින් පරිසර අමාත්‍යාංශය, වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශය, වනජීවී රැුකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවට එළඹිණි.

පරිසර ඇමැති මහින්ද අමරවීර-

අද පාර්ලිමේන්තුවේ 225ටත් ශාප කරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා කථානායකතුමාගේ නායකත්වයෙන් යුතුව පාර්ලිමේන්තුව ජනතා විශ්වාසයක් ඇති හා විනයගරුක පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට පියවර ගන්න.

පරිසරයට අදාළව වනජීවී, වන සංරක්‍ෂණ අමාත්‍යාංශයක් තිබෙනවා. අපි හැම අමාත්‍යාංශයක්ම ඒකාබද්ධව කටයුතු කරනවා. 2025 දී වන ගහනය සියයට 30 දක්වා වැඩි කිරීමට මැතිවරණයේදී පොරොන්දු වුණා. දැන් සියයට 28.2ක් තියෙනවා. හෙක්ටයාර් 16000ක් පමණ වගා කරන්න අපේ සැලසුම් තියෙනවා. වන භූමිවල තියෙන අහිතකර තත්ත්වයන් ඉවත් කරනවා. දැනටමත් ෆයිනස් වගාව ඉවත් කර උචිත දේශීය ශාක වගා කිරීමට කටයුතු කරනවා.

ඉදිරියේදී කොස්, දෙල්, දූරියන්, රබර් වගාවන් කරන්න සැලසුම් කර තිබෙනවා. ඵල දරන ශාක වැඩි ප‍්‍රමාණයක් පරිසරයට එක්කළ යුතුයි.

කෘෂි නිෂ්පාදනවලින් සියයට 30ක් රිලව්, වඳුරන්, වල්ඌරන්, මොනරුන් ආදී සතුන් විනාශ කරනවා. මේ විනාශය වළක්වා ගත්තානම් ආහාරවලින් ස්වයංපෝෂිත කළ හැකියි.

පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රචලිත කිරීමට ජනපති කැපවී තිබෙනවා. ගල් අඟුරු බලාගාර ඉදිකිරීම නැවැත්වූවා. ඞීසල් බලාගාර නැහැ. සුළං බලය, හිරුඑළිය ප‍්‍රයෝජනයට ගෙන විදුලිය නිෂ්පාදනය දිරිගන්වනවා. ගංගා 103ක් මුහුදට ගලා බසිනවා. ඒවා පිරිසිදු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ස්ථාන 10133කදී ගංගා 103 දූෂණය වන බව සොයාගෙන තිබෙනවා. කැලණි ගෙඟ් ජලය අල්ලන්නවත් හොඳ නැති තත්ත්වයක් තියෙන්නේ.

මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන විවිධ දේ කරන බව ප‍්‍රචාරය කරනවා. අපි කිසි විටක ඊට අනුමැතිය දෙන්නේ නැහැ.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහණ දිසානායක (ශී‍්‍රලපොපෙ)-

මාතලේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කරන වැඩපිළිවෙළක් ඇති කර ගත යුතුයි. උෘන සංවර්ධිත වන වගාවන් අත්හැර දැමූ ප‍්‍රදේශ යළි වගාවට ගත යුතුයි. සුළු අපනයන භෝග වගා කරන්න පුළුවන්. එයින් ජනතාවටත් හොඳ ආදායමක් ලබන්න පුළුවන්.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයරත්න හේරත් (ශී‍්‍රලපොපෙ)-

පසුගිය වසර 30 පුරාම කසළ ප‍්‍රශ්නය විසඳන්න පැවැති ආණ්ඩු උත්සාහ කළත් කිසිවක් සාර්ථක වුණේ නැහැ. කුරුණෑගල කුණු දමන ස්ථානය අක්කර 20ක පමණ පැතිරිලා. දවසකට ගලි බවුසර් 10ක් විතර මෙතනට බැහැර කරනවා. මේවා නගර සභාවලට අයිති ඒවා නොවෙයි. පුද්ගලික ආයතනයි. අවට කුඹුරු වගා කරන්න බැරිවෙලා. නිවාසවලට කෘමි සතුන්ගෙන් බලපෑම් ඇතිවෙලා. ගලි බවුසර් ගලන එක හෝ අඩුම ගානේ නවත්වා දෙන්න.

අපේ පැතිවල බොරලූ කඳු පිටින් කපනවා. සමහර ඒවාට බලපත‍්‍රවත් නැහැ.

පරිසර ඇමැති මහින්ද අමරවීර-

පරිසර අමාත්‍යාංශයේ දිගු කාලයක් ඉන්න නිලධාරීන් මාරු කිරීම ජනවාරි සිට අරඹනවා. විවිධ විනය කඩ කිරීම්වලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගනිමින් සිටිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment