ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
වෙඩි වැදී සහ මද්දකට හසුව තුවාල ලබා සිටි ගෝනකු කඳුගල රක්ෂිතයෙන් සොයාගෙන සිටියදී වන ජීවී නිලධාරීන්ගේ නොපැමිණීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අඩි හතරක් පමණ උසකින් යුත් තුවාල ලබා ඇති ගෝනකු කඳුගල රක්ෂිතයේ සැරිසරන බව තිනියාවල පොලිස් විශේෂ කාර්යාංශයට වාර්තා වී ඇත. ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. පී. වැදිසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පැය 4 ක පමණ මෙහෙයුමකින් පසු ගෝනා අල්ලා ගෙන හික්කඩුව වන ජීවි කාර්යාලය දැනුවත් කර තිබේ.
එහෙත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඔවුන්ට පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති අතර, පැය කීපයකට පසු සත්ත්වයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. වෙඩි වැදී සහ මද්දකට හසුව තුවාල සහිතව සිටි සත්ත්වයා සති දෙකක් පමණ නිරාහාරව සිට ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවසීය. පසුව ප්‍රදේශවාසීන් සමග එක්ව පොලිසිය එම ස්ථානයේම ෂත්ත්වයා වළ දැමීමට ක්‍රියා කර ඇත.
|