වනසතුන් රැක ගන්න පාගමනක්

80

සාමය සහ සහජීවනය තුළින් වනඅලින් ඇතුළු වනසතුන් ආරක්ෂා කර ගැනීම සඳහා මහනුවර සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ජනතාව දැනුවත් කරමින් පාගමනේ නිරත වූ දෙදෙනෙකු අප කැමරාවේ (02) දින සටහන් විය.

මෙසේ පාගමනේ නිරත වූයේ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන තුෂාර දිසානායක (35) සහ මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන ඇනස්ලි සමරනායක (55) යන දෙදෙනායි.

මහනුවර දළදා මාලිගාව අසලින් (01) දින උදෑසන සිය පාගමන ආරම්භ කළ තුෂාර සහ ඇනස්ලි එදින නාවලපිටිය නගරයෙන් පාගමන නතර කර විවේක ගෙන (02) දින අලුයම නාවලපිටිය සිට ගිනිගත්හේන , නෝර්ටන්බි්‍රජ් හරහා නල්ලතන්නිය දක්වා ගමන් කර එදින නල්ලතන්නියේ විවේකගෙන (03) දින උදැසන ශ්‍රී පාද උඩ මළුව දක්වා ගමන් කර සිය පාගමන අවසන් කෙරිණ.

මහනුවර සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා කිලෝමීටර් 91 ක් පාගමනින් ගොස් සමාජ මාධ්‍ය සහ මඟ දෙපස රැඳි සිටින ජනතාව දැනුවත් කරමින් අවාරයේ ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගත් බවය.ි පාගමනේ නිරත වූ තුෂාර දිසානායක මහතා කියා සිටියේ.
නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment