වන්දි අරන් හිටපු මැති ඇමැතිවරු ජනතාවට ගිනි පිඹපු හැටි

302

ගිනි තැබීමත් අනුමත කළ හැකිද?

මෙරට තුළ 2022 – 2023 දී ඇති වූ ආර්ථික උද්ධමනකාරී තත්ත්වයත් එදිනෙදා අත්‍යවශ්‍ය වන භාණ්ඩ ලබාගැනීමට නොහැකිව ජන සමාජයේ ඇතිවූ ආක්‍රමණකාරී තත්ත්වයෙන් රට ගිනිගත් ආකාරය පිළිබඳව බිඳක්වත් අප මතකයෙන් තවමත් ගිලිහී ගොස් නොමැත.

එහි උච්චතම අවස්ථාවක් වූයේ එවකට රජයේ මැති ඇමැතිවරුන් ප්‍රාදේශීය දේශපාලනඥයන් පමණක් නොව ඔවුනගේ සමීපතමයන්ගේ දේපළ කුපිත වූ ජනතාව (අරගලකාරීන්) විසින් ගිනි තබා විනාශ කිරීමය. පසුව ඒවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ වන්දි ලබාදීමට කටයුතු සැකසිණි. එහදීි ප්‍රවෘත්තිමය වටිනාකම්වලට සතියක් දෙකක් වෙන් වුවද ඊට එහා දෙයක් දැන ගැනීමට රටේ ජනතාවට අවස්ථාව අහිමි වූයේය.

ඒ එදා සිටි මැති ඇමැතිවරුන් සිය අහිමි වූ දේපළ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට සිදු කළ ආකාරය හෝ එම ගණන් හිලව් සම්බන්ධයෙන් වැඩි යමක් හෙළිදරව් කිරීම පාලකයන් විසින් වළකාලීමය.

එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මෙතෙක් වසන් කර තිබූ පුදුම හිතෙන ආකාරයේ හෙළිදරව්වක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කිරීම නිසා මෙරට ජනයාගේ මනස නැවතත් කැළඹිණි.

ඒ අනුව ඉන් කියවුණේ අරගලය පැවති සමයේ නිවාසවලට ගිනි තැබීමෙන් සිදුවුණු හානි සඳහා මැති ඇමැතිවරුන් 43 දෙනකු රජයෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්‍ෂ තිස් හතරදහස් හත්සිය තිස් හතක (කෝටි 122.41) වන්දි මුදලක් ලබාගෙන ඇති බවය.

මේ අතරින් වැඩිම වන්දියක් ලබාගෙන තිබුණේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලය. ඔහු ලබා ගත් වන්දි මුදල වූයේ රුපියල් ලක්ෂ 959කි. ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන තිබිණි.

ඊට අමතරව කපිල නුවන් අතුකෝරළ – රුපියල් ලක්ෂ 504,000

විමලවීර දිසානායක – රුපියල් ලක්ෂ 550,000

ගීතා කුමාරසිංහ – රුපියල් ලක්ෂ 972,000

ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් ලක්ෂ 1,143,000

ගුණපාල රත්නසේකර – රුපියල් ලක්ෂ 1,412,780

ප්‍රේමනාත් සී. දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි

ප්‍රියංකර ජයරත්න – රුපියල් ලක්ෂ 2,348,000

සම්පත් අතුකෝරළ – රුපියල් ලක්ෂ 2,540,610

ජයන්ත කැටගොඩ – රුපියල් ලක්ෂ 2,814,800

විමල් වීරවංශ – රුපියල් ලක්ෂ 2,954,000

මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් ලක්ෂ 3,334,000

අකිල එල්ලාවල – රුපියල් ලක්ෂ 3,554,250

චමල් රාජපක්ෂ – රුපියල් ලක්ෂ 6,539,374

චන්දිම වීරක්කොඩි – රුපියල් ලක්ෂ 6,948,800

අශෝක ප්‍රියන්ත – රුපියල් ලක්ෂ 7,295,000

සමන් ප්‍රිය හේරත් ලක්ෂ – රුපියල් ලක්ෂ 105.2යි

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි

රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි

විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි

සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි

ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි

ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි

මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි

වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි

දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි

කනක හේරත් – රුපියල් ලක්ෂ 292යි

ඩී. බී. හේරත් – රුපියල් ලක්ෂ 321යි

ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි

ඩබ්ලිව්. ඩී. වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි

ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි

එස්. එම්. චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි

සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි

සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි

අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි

සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි

ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි

කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි

මොහාන් පී. ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි

අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි. “හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි.”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම වන්දි ලබාගැනීම් ගැන කෝචෝක් කරමින් එම වන්දි ලාභීන් දෙකේ කොළයටම දමමින් කියා සිටියේය.

මෙම වන්දි ලබාගැනීම කැබිනට් අනුමැතියෙන් හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ හැන්ද තිබූ අයම තමන්ට බෙදා ගන්නට ඇත.

එහෙත් වන්දි ලබා ගත් බහුතරයක් දෙස බලද්දී ඔවුනට මේසා වටිනා දේපළ තිබුණාද? ඒවා කොහොම උපයන්නට ඇද්දැයි සාධාරණ සැකයක් උපදී. මෙම වන්දි ලබා ගැනීමේදී උපරිම වන්දි මුදල ලබාගෙන තිබුණේ හිටපු ඇමැති කෙහෙළියයි. ඔහුට මේ වන විටත් විවිධ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා මෙන්ම නඩු කටයුතු ද රාශියක් පවතී.

ඔහු තම නිවස ගිනි තැබීම ගැන කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමා ගැන ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසා සිය දේපළ ගිනි තැබූ බවයි. පාර්ලිමේන්තු කතාවේදී අද ඔහු වැඩිදුරටත් කීවේ එදත් අදත් හෙටත් බෙන්ස් මෝටර් රථයෙන් තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් ඇති බවත් එය වැළැක්වීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවය. ඇත්තටම ඔහුට ඒ තරමටම මුදල්, දේපළ තිබුණේය.

ඊට තවත් උදාහරණයක් වූයේ තම නිවසට පැමිණි විදෙස් තානාපතිවරයෙකු එය තම රටේ තිබුණේ නම් කෞතුකාගාරයක් බවට පත් කරන්නට පවා සුදුසු බවට ප්‍රකාශ කළ ප්‍රකාශයකි. එවැනි සුඛෝපභෝගී සහ ධනේශ්වර නිවසක් හිමි ඔහු කොළඹ නොමිලේම ලැගුම් ගන්නේ ඇමැති නිල නිවාසයකය.

මෑතදී අනාවරණ වූ පරිදි එහි හිඟ ජල බිල්පත රුපියල් ලක්ෂ 20 කට ආසන්නය.

2013 වසරේද ඔහුගේ ඇමැති නිල නිවසේ ලක්ෂ 15 ක පමණ විදුලි බිල්පතක් ගෙවා දැමීමට තිබූ බව මතකය. වරෙක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රුපියල් 230,000/= ක ඔහුගේ පෞද්ගලික දුරකථන බිල ගෙවා තිබුණේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙනි.

තවත් වරෙක ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරත අතරතුර තමන් ලැගුම් ගත් හෝටලයේදී ඇද වැටී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාදවලට හානි සිදුවිය. ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් එක්කෝටි දසලක්ෂයක (ලක්ෂ 110 ක්) පමණ මුදලක් ඔහුට ලබා දී තිබිණ. එදා ඔහු පිටරට ගියේත් ගිහින් කොහේදෝ පනින්නට ගොස් තුවාල වූ පසු ප්‍රතිකාර කළේත් රටේ අහිංසක ජනතාවගේ මුදලින් බව දැන් හෙළිවී හමාරය. ඇති හැකි මිනිස්සු මහජන සේවයට එළඹීම ගැටලුවක් නොවේ. එහෙත් එලෙස පැමිණ නැති බැරි මිනිසුන්ගේ මුදලින් සැප විඳීම අනුමත කළ හැකි දෙයක් නොවේ.

ඔහු ගැන පමණක් නොව වන්දි ලැයිසුතුවේ සිටින තවත් අය ගැන මෙවැනි ඌනපූරණ තවත් ඕනෑ තරම් සැපයිය හැක. කෙසේ වෙතත් නලින්ද ජයතිස්සලා කළ යුත්තේ මේවා ගැන තොරතුරු කියමින් දේශපාලන චූන් එකක් ගැනීම පමණක් නම් ඒ ගැන කිසිදු සෑහීමකට පත්වීමට පුරවැසියන් ලෙස අපට නොහැක.

මේ හෙළිදරව්වත් සමගම ඔහුට කීමට තිබුණේ මේ වන්දි ලබා ගත්තවුන් සම්බන්ධයෙන් යම් කවර හෝ පියවරක් ගන්නේ ද යන්නයි. නමුත් ඔහු එවැන්නක් සඳහන් නොකිරීම අවාසනාවකි. විශේෂයෙන්ම හොරු අල්ලන්නට පැමිණි වත්මන් රජයෙන් මෙවැන්නක් බලාපොරොත්තු වීමට කිසිම හැකියාවක් නැත.

මෙය මහා හෙළිදරව්වක් කළා යැයි සිතා ආණ්ඩුවට කොහෙත්ම සෑහීමට පත්විය නොහැක. තොරතුරු දැන ගැනීමේ පණත යටතේ රටේ ඕනෑම පුරවැසියෙකුට දේපල අහිමි කළ මන්ත්‍රීලා වෙන වෙනම නම් වශයෙන් කීය බැගින් වන්දි ගෙව්වාද කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ දැන ගැනීමේ හැකියාව පවතින බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

එසේම මේසා විශාල වන්දියක් ගෙවීමට රජයේ තක්සේරු අංශ පෙළඹුණේ ඇයි දැයි යන්න සොයා බැලිය යුතුමය.

වැඩි මුදලට තක්සේරු කොට පෞද්ගලික දේපල සඳහා හිටපු මන්ත්‍රීලාට ගෙව්වා ද වීමට නොහැකිය. එසේ නම් එම රාජ්‍ය නිලධාරීන්ට තක්සේරු දෙපාර්තමේන්තුවට එරෙහිව රජයට ක්‍රියාත්මක වීමට ද පුළුවන් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

අකිත පෙරේරා


advertistmentadvertistment