වන්නියලා ඇත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදනයවී මියයි

146

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඉකුත් 04වැනිදා පස්වරුවේ මියගොස් තිබේ.

මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිට තිබේ.

ඇය දරුවන් 9 දෙනෙකුගේ මවකි.

advertistmentadvertistment
advertistmentadvertistment