වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ඉදිකළ අධිබලැති තාප උදුනේ දහනය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 18 වෙනි දින සවස සිදුවිය.
විවෘත කිරීමෙන් පසු පාකිස්තානු ජාතිකයන් හත් දෙනකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ 251 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 38 ක් එහි නඩු කටයුතු අවසන් කිරීමෙන් පසු පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරියේ විනාශ කෙරිණි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සහරාන් විසින් පුහුණු කටයුතු හා බෝම්බ සැඟවීම සඳහා යොදා ගෙන තිබූ භූමිය රජයට අත්පත් කර ගැනීමෙන් පසු එම ඉඩම තුළ පර්චස් 20 ක භූමි කොටසක පොලිස් දෙපාර්තමේන්තුව මිලියන 11 ක මුදලක් වැයකරමින් අධිබලැති තාප උදුන ඉදි කෙරිණි.
අදාළ අධිබලැති තාප උදුන අදාළ අධිබලැති තාප උදුන පිහිටි භූමිය පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ මේ වන විට පවතී.
මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආයතන රැසක නිලධාරීහු එක්ව සිටියහ.
මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අධිබලැති උදුනක විනාශ කිරීම සිදුවූ අතර එසේ විනාශ කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු විය.
අමරනන්ද විජේසේකර – මහවැව