ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය යටතේ කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර පැවැති තරගයේදී කඩුලූ 9ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනූ විරාට් කෝලිගේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් පන්දු වාර 19කදී ලකුණු 92කට සියලූ දෙනා දැවී ගියේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය නයිට්රයිඩර්ස් පිතිකරුවෝ පන්දු වාර 10කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
දෙව්දත් පඩික්කාල් (22) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී පිතිකරුවන් 7 දෙනකු ලකුණු 10 සීමාවට අඩුවෙන් දවා ගැනීමට නයිට්රයිඩර්ස් පන්දු යවන්නෝ සමත් වූහ.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් සිය පළමු ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකාවේ වනි`දු හසරංග මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවී ගියේය. පන්දු යැවීමේදී නයිට්රයිඩර්ස් දැඩි ප‍්‍රහාරයකට ලක්වූ හසරංග සිය පන්දුවාර දෙකේදී ලකුණු 20ක් ප‍්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් අතර කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.