වනිඳු ගේ බැංගලෝරයට තවත් ජයක්

316

වනිදු හසරංග ද සිල්වා නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද පැවති අයිපීඑල් තරගයෙන් ලකුණු 18 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූයේය.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව් හිදී පැවති මෙම තරගයේ දී වනිදු පන්දු වාර හතරක් ක්‍රියාත්මක කරමින් ලකුණු 20 කට එක් කඩුල්ල ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වූයේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තේය.එහිදී වනිදු ගේ දායකත්වය නොදැවී ලකුණු 7 කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි.


advertistmentadvertistment