වනිඳු විස්සයි විස්සේ තුන් ඉරියව්වෙන් පළමු තැනට

180

පන්දු වාර විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට හිමි වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි-20 ක්‍රීඩක නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු එම ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශයේ සකීබ් අල් හසන් ද වනිඳු හා සමතැන් ගෙන සිටි.

විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ද වනි`ඳු හසරංගට හිමි වී ඇත.

වනිඳුට අමතරව මහීෂ් තීක්ෂණ එහි 5 වැනි ස්ථානයට පත්ව ඇති අතර විස්සයි-20 පිතිකරුවන් අතර 20 වැනි ස්ථානය කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇත.

පැතුම් නිස්සංක 24 වැනි ස්ථානයේ ද චරිත් අසලංක 32 වැනි ස්ථානයේ ද පසු වෙති.

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment