දැඩි නියඟයත් සමගම තන්තිරිමලේ ප‍්‍රදේශයට ජලය සොයා පැමිණෙන වන අලින් ගල් පර්වතය මුදුනට නැග ඊට යටින් පිහිටි පොකුණේ ජලය දෙස බලා සිටින බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නායක හිමියෝ පැවසූහ.
මෙසේ පැමිණෙන වන අලි ගල් පර්වතය මුදුනේ ඇති බෝධීන් වහන්සේගේ කොළ කෑමට පටන් ගතහොත් විශාල විනාශයක් සිදුවන බැවින් මේ දිනවල විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින පිරිස දැඩි අවධානයකින් යුතුව පසුවෙති. තන්තිරිමලේ විහාරස්ථානයේ ගල් පර්වතය මුදුනට වන අලි පැමිණීම ඉතා දර්ශනීය දසුනක් වූවත් ඇතැම් විට ඔවුන්ගෙන් විහාරස්ථානයට හානි සිදුවිය හැකි බවට තන්තිරිමලේ නායක හිමියන්ගේ හිතවතුන් නායක හිමියන්ව දැනුවත් කොට තිබේ.

දිනසේන රතුගමගේ