”වන ජීවීන් රකිමු, පරිසර පද්ධති සුරකිමු”

199

ලෝක තෙත්බිම් දිනයෙන් පසු නව වසරේ ලෝක වාසී ප‍්‍රජාවගේ අවධානය පාරිසරික සංරක්ෂණය කෙරෙහි ඇද බැඳ ගැනීමට සමත් වන තවත් වැදගත් දිනයක් මාර්තු මස 03 වැනි දිනට යෙදී ඇත. සොබාදහමෙහි අනගි නිමැවුමක් ලෙස මිහිමත ජනිත වූ මානවයා විසින් තමන් ජනිත කළ සොබාදහමේ සුවපත් බව කෙලසනු වස් විවිධ වූ ක‍්‍රියාකාරකම්වල නිරත වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට ඉඟි දෙන දිනයක් ලෙසින් ද වසරේ ආරම්භයට සමගාමීව යෙදී ඇති මෙම දිනය නම් කළ හැකිය. මිනිසාගේ ඇවැතුම් පැවැතුම් හේතුවෙන් වර්තමානය වන විට සොබාදහමේ ගුණාත්මක බව අඩුව යෑමට බෙහෙවින්ම බලපෑම් ඇති කරමින් පැවතීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.

 මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් මිනිසුන්ගේ සිත් තුළ ද ආකල්පමය වෙනසක් සිදු විය යුතුව ඇත.

 වර්තමාන වැසියා සොබාදහම ස්වකීය ග‍්‍රහණයේ තබා ගනිමින් මානව සංහතියේ සීග‍්‍ර වූ දියුණුවක් සොයා යන නොනිමි ගමනකට අවතීර්ණව සිටියි. එසේ වුවද සොබාදහමේ නිත්‍ය නියෝජිතයන් වන වනජීවීන් විවිධාකාර වූ මුහුණු වරින් සහ තමන්ටම අනන්‍ය වූ ඇවැතුම් පැවැතුම් තුළින් මේ මිහිතලය මානවයාගේ හිතසුව පිණිස සොඳුරු නවාතැනක් බවට පත් කිරීමට ඉටු කරනා නිහඬ මෙහෙවර පිළිබඳව සැබැවින්ම ඇගයීමකට භාජනය කළ යුතුව ඇත. වනජීවීන්ගේ නිසඟ වටිනාකම සහ මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවී ප‍්‍රජාවගේ යහපැවැත්ම හරහා ලැබෙන්නා වූ පාරිසරික, ජීව විද්‍යාත්මක, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වය පිළිබඳ ගෝලීය වශයෙන් අවධානය යොමු කරලීමේ අරමුණින් සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනය ලෝක වනජීවී දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

 වඳවී යන සුවිශේෂී වනජීවී විශේෂ සම්බන්ධයෙන් එක් දිනකදී සමස්ත ලෝක වාසීන්ගේම අවධානය යොමු කරලීමේ අරමුණින් ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කර ගැනීමේලා මුල් වූයේ සයිටීස් :ක්‍ෂඔෑී* සම්මුතියයි. ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂයන් අන්තර්ජාතික වශයෙන් වෙළෙඳාම් වීම වැළැක්වීමේ අරමුණින් ලෝකයේ රටවල් කිහිපයක් එක් වී මෙම සම්මුතියට එළැඹුණි. ඒ හරහා ස්වකීය නිවැසි බිම් මතදීත් ජාත්‍යන්තර වෙළඳාමේ ඉලක්කයන් බවට පත් වීම නිසාවෙන් තර්ජනයට ලක් වූ ශාක සහ සත්ව විශේෂයන් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් මත හඳුනා ගෙන, ලැයිස්තු ගත කර ඒවායේ ජාත්‍යන්තර වෙළඳාම පාලනයට ලක් කිරීමේ අරමුණින් වර්ෂ 1973 මාර්තු මස 03 වැනි දින සිට සයිටීස් සම්මුතියට අත්සන් කරමින්, සම්මුතියට එකඟව තම රට තුළදී එම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කරමින් අත්සන් තැබීම සිදු විය.

 2013 වසරේ මාර්තු මස 03 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වූ සයිටීස් පාර්ශ්ව කරුවන්ගේ 16 වැනි සම්මේලනයේදී මාර්තු 03 වැනි දිනය ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට යෝජනා වූ අතර එම යෝජනාව සඳහා 2013 වසරේ දෙසැම්බර් මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන්නට යෙදුණු එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා සමුළුවේදී එකඟතාවය ලැබුණි. ඒ අනුව සෑම වසරකම එළැඹෙන මාර්තු මස 03 වැනි දිනය ලෝක වනජීවී දිනය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ඇරඹුණි.

 නීති විරෝධී වනජීවී වෙළෙඳාම පාලනය කිරීම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවෙක් ලෙසින් 1979 වසරේ සිටම ශ‍්‍රී ලංකාව ද සාමාජිකත්වය දරයි. අප රට සතු ජෛව විවිධත්වය, වනජීවී සංරක්ෂණ සංකල්පයන්, ජාත්‍යන්තර වශයෙන් සිදු වන වනජීවී අපරාධ වැළැක්වීමට ගෙන ඇති පියවර ආදිය පිළිබඳ පණිවුඩය ලෝක වනජීවී දිනය හරහා ලොවට ගෙන යා හැකිය. සෑම වසරකම එළැඹෙන මාර්තු මස 03 වැනි දිනය, එනම් ලෝක වනජීවී දිනය නම් කරන්නේ කාලීන වශයෙන් වැදගත් වූ තේමාවක් මුල් කර ගනිමින්ය.

 උදා වූ 2022 වසරේ ලෝක වනජීවී දින විෂය තේමාව බවට පත්ව ඇත්තේ ”ඍැජදඩැරසබට ණැහ ීචැජසැි ත්‍දර ෑජදිහිඑැප ඍැිඑදර්එසදබ” යන ඉංග‍්‍රීසි වහරේ සිංහල අරුත වන ”පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණය සඳහා ප‍්‍රධාන විශේෂ ප‍්‍රතිසාධනය කිරීම” යන යෙදුමය. එය ”ජීවී විශේෂ

 රැකගෙන පරිසර පද්ධති රැුකගනිමු” ලෙස හෝ ”වන ජීවීන් රකිමු, පරිසර පද්ධති සුරකිමු” ලෙස සරල බසට ගලපා ගත හැකිය. ශ‍්‍රී ලංකාව ජෛව විවිධත්ත්වය අතින් පොහොසත් රටකි. දකුණු ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයකින් අනූන රටක් වශයෙන් ප‍්‍රකට අප රට තුළ ව්‍යාප්ත භූමිය විවිධ සංවර්ධන කාර්යයන්හිදී නිසි පරිදි කළමනාකරණය කරමින් සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත.

 ෂඹක්‍භ රතු දත්ත ලැයිස්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ලොව පුරා ව්‍යාප්තව ඇති වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂයන් අටදහස් හාරසීයකට අධික ප‍්‍රමාණයකගේ පැවැත්ම කෙරෙහි දැඩි ලෙස තර්ජන එල්ල වී ඇත. වඳවීමේ තර්ජනයට ලක්ව හෝ එම අවදානම් තත්ත්වයට යොමු වෙමින් සිටිනා විශේෂයන් සංඛ්‍යාත්මකව නම් තිස් දහසකට ආසන්න වී ඇත. ශාක හා සත්ත්ව විශේෂයන් මිලියනයකට වඩා වැඩි ප‍්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයිද සඳහන්ය. ලොව පුරා සංඛ්‍යාත්මකව නම් වනාන්තර ආශ‍්‍රිතව මිලියන 200 – 350 කට ආසන්න වූ ජනතාවක් විසිරී ඇති අතර ඔවුන්ගේ සොබාවික සම්පත් මත යැපීම් විවිධාකාරය. ගොඩ බිම හා සමැවු ඊට නොදෙවැනි වූ ජෛව විවිධත්වයක් දිය යට විසිරී ගිය ලෝකය තුළ ද පවතී. ජීවයේ ඇරැුඹුම සනිටුහන් වූයේ ජලයේ බව නොරහසකි. මානවයා සහ ජලය අතරේ ද ඇත්තේ නොබිඳෙන බැඳීමකි.

 ඉදින් ගොඩ බිම වේවා, දිය තුළ වේවා සෑම ස්ථරයකම වෙසෙන වනජීවී විශේෂ දහස් ගණනින් දෛනිකව මිනිසාගේ ආහාර, ඉඳුම් – හිටුම්, ශරීර සෞඛ්‍යය, රූපලාවන්‍ය, මෝස්තර, විනෝදාස්වාදය ආදී වූ විවිධ වූ කාර්යයන් සඳහා භාවිතයට ගැනීම සිදු වේ. ලොව පුරා විසිරී සිටිනා සමස්ත වනජීවී ප‍්‍රජාවේ යහ පැවැත්ම සම්බන්ධයෙන් ගත් කල ලෝකය පුරා සිදු වන අනිසි මිනිස් ක‍්‍රියාකාරකම් වනජීවී සම්පත්වල ඉදිරි පැවැත්මට තර්ජනයකි. පාරිසරික සමතුලිත තාවයේ ප‍්‍රධාන භූමිකාව උසුලන්නේ වනජීවීන් වේ. එබැවින් වනජීවීන්ගෙන් ලෝකයට සිදු වන යහපත ගැන අවබෝධ කර ගෙන ඔවුන්ගේ දිගු කාලීන සංරක්ෂණය සඳහා සැවොම එක් වී කටයුතු කළ යුතු බව ලෝක වනජීවී දිනය හරහා ලොව පුරා ප‍්‍රචලිත කළ හැකිය.

 වනජීවීන් අනිසි ලෙස භාවිතයට ගනිමින් සිදු වන විවිධ වූ මානව ක‍්‍රියාකාරකම් අවම කරගනිමින් තිරසර සංවර්ධනයක් ඇති කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාවගේ අවධානය යොමු විය යුතු යුගයකි මේ උදා වී ඇත්තේ. රටක ගෞරවනීය පුරවැසියන් ලෙස අපත් ඒ සඳහා අවැසි දායකත්වය නොපිරිහෙලා ලබා දෙමු. අප රට සතු ජන්මයෙන් ලද දායාදයක් හා සමැ වූ සොබාසම්පත් සංරක්ෂණයට සැම විට කැප වෙමු. සොබාදහමේ නිත්‍ය නියෝජිතයන් වන වනජීවී සම්පත ආරක්ෂා කරමින් මිහිමත සොඳුරු නිවස්නයක් බවට අපේ රටත් පත් කරමු.

 * සඳමල් රශ්මී ශ‍්‍රී. බුද්ධික

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment