වන විනාශය ගැන කතාකරන ‘නිහඬ සෙවණැලි’ ලඟදීම

1240

මොකක්ද මේ නිහඬ සෙවණැලි කියලා කියන්නේ ?

 නිහඬ සෙවණැලි මගේ තුන්වන සිනමා නිර්මාණය. මේක තාරුණ්‍ය ඉලක්ක කරගත් නිර්මාණයක්. අද්භූත සිදුවීම් එක්ක ත‍්‍රාසය, භීතිය ,කුතුහලය කැටි කළ නිර්මාණයක්. හැබැයි අද්භූත චිත‍්‍රපටයක් කීවට මේ නිර්මාණය මුළුමහත් සමාජයටම විශාල පණිවුඩයක් දෙනවා. ඒ තමයි වන විනාශය නවතා දැමිය යුතුයි කියන පණිවිඩය.

 ඇයි ඒ වගේ පණිවිඩයක් දෙන්න හොල්මන් චිත‍්‍රපටයක් ම නිර්මාණය කරන්න හිතුවේ?

 මගේ පළවෙනි චිත‍්‍රපටය ටවුමේ ඉස්කෝලේ, කියන ළමා චිත‍්‍රපටය. දෙවැනි චිත‍්‍රපටය වැලි පවුරු. මේක පවුලේ සැම වෙනුවෙන් කරපු නිර්මාණයක්. තුන්වෙනි නිර්මාණය වෙනස් විදිහකට කරන්න මට ඕන වුණා. ඒ නිසා තමයි වැදගත් පණිවිඩයක් එක්ක මේ වගේ අද්භූත චිත‍්‍රපටයක් නිර්මාණය කළේ. තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කළාට මෙම නිර්මාණය හැමෝටම රසවිඳින්න පුළුවන්.

වන විනාශය ගැන කතාකරන 'නිහඬ සෙවණැලි' ලඟදීම

ලංකාවේ හොල්මන් චිත‍්‍රපට නිර්මාණය කරන්නේ අඩුවෙන් නේද?

 අනෙක් නිර්මාණවලට සාපේක්ෂව මෙවැනි නිර්මාණ කරන්නේ අඩුවෙන්. මොකද මේ නිර්මාණ වලට වැඩි වියදමක් දරන්න සිද්ද වෙනවා. ඒ වගේම තමයි දර්ශන රූගත කිරීම් වලට පසුතල සෙවීමත් අමාරුයි. කැලෑවක් ඇතුළේ කඳු මුදුන් උඩ රූගත කිරීම් කරන්න සිද්ධ වෙන නිසා රූගත කිරීමට අවශ්‍ය උපකරණ ඔසවාගෙන ගොඩක් දුර පයින් යන්න සිද්ධ වෙනවා. නළු නිළියන්ට පවා බොහෝ අභියෝග මැද තමයි රඟපෑම් කරන්න වෙන්නේ. ඒ වගේ ගැටලූ නිසා තමයි අපේ රටේ මේ horror film හෙවත් හොල්මන් චිත‍්‍රපට අඩුවෙන් බිහිවෙන්නේ.

 ලංකාවේ පේ‍්‍රක්ෂකයන් මේ නිර්මාණය කොහොම භාර ගනීද ?

 ඉස්සර තමයි හොල්මන් චිත‍්‍රපට කිවුවහම භීතියක් ඇති වුණේ. හැබැයි දැන් කුඩා ළමයි පවා මේ නිර්මාණ රසවිඳිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නිහඬ සෙවණැලි පේ‍්‍රක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනියි කියලා හිතනවා.

වන විනාශය ගැන කතාකරන 'නිහඬ සෙවණැලි' ලඟදීම

නිහඬ සෙවණැලි එක්ක අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති.

 මේ නිර්මාණයම අමතක නොවන අත්දැකීමක් තමයි.විශේෂයෙන්ම ලොකේෂන් හොයාන යද්දී මට පරණ වලව්වක් ඕනේ වුණා. ගෝනවල පැත්තේ තමයි ඒ පරණ වලව්ව තිබුණේ. මේ වලව්වෙ මීට කලින් පුද්ගලයෙක් එල්ලිලා මැරිලා තියෙනවා. ඒ නිසා මේ වලව්වේ හොල්මන් ඉන්නවා කියලා ගම්මුන් කියනවා. අපි පාන්දරත් රූගත කිරීම් කළා. මතුගම, කළවාන වගේ ප‍්‍රදේශවලත් රූගත කිරීම් කළා. සමහර වෙලාවට උස්කඳු මුදුන් මුල, ගස් උඩ පවා දර්ශන තියෙනවා. පේ‍්‍රක්ෂකයන්ට අද්භූත අලූත් අත්දැකීමක් දෙන්න නිෂ්පාදන කණ්ඩායමට සහ නළු නිළියන්ට පවා අද්භූත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

 නිහඬ සෙවණැලි රංගනයෙන් හැඩ කළේ ?

 පුබුදු චතුරංග, රොෂාන් රණවන, කුමාර තිරිමාදුර, මීනා කුමාරි, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, ධනංජි තාරුකා, හරිත් වාසල, සරත් චන්ද්‍රසිරි, අජිත් වීරසිංහ, කුමාර වඳුරැුස්ස, සඳුන් බණ්ඩාර, යොහානි හංසිකා යන දක්ෂ ප‍්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් තමයි නිහඬ සෙවණැලි රංගනයෙන් හැඩ කළේ.

 නිහඬ සෙවණැලි සාර්ථකත්වය ගැනත් කතා කරමු.

 නිෂ්පාදනය ජානක රංචාගොඩ, තිර රචනය මම සහ හරිත් වාසල, කැමරා අධ්‍යක්ෂණය කේ. ඞී. දයානන්ද සමඟ මහේෂ් කරුණාරත්න, අංග රචනය තරංග රුක්මල්වල සහ ප‍්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය කීර්ති ඞී. රාහුබද්ධ සහ උපාලි උදයසිරි, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, නිෂ්පාදන කළමනාකරු වසන්ත නිතුල්ගහමුදුන, සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික‍්‍රමතුංග, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, සංස්කරණය අනුර බණ්ඩාර, ගී පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ සහ හරිත් වාසල ,සුසන්ත ධර්මප‍්‍රිය, ශබ්ද පරිපාලනය සහන් කුමාරතුංග, ගායනය විශාරද එඞ්වඞ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්න, නිශ්චල ඡායාරූප උපුල් නිශාන්ත.

 මේ කණ්ඩායම තමයි චිත‍්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කළේ.

 කොරෝනා වසංගතය නිසා නිහඬ සෙවණැලි තිරගත වීම කල් ගියද නුදුරේදීම මේ අපූර්ව අත්දැකීම පේ‍්‍රක්ෂකාගාරයට විඳ ගැනීමට ඉඩ හසර විවර වනු ඇත.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment