වන සිව්පාවන් මැද හමුවූ දෙවියෙක්

1927

දේදුනු රූමත් තරුණියකි. පදිංචිව සිටින්නේ හංවැල්ලේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ ඇය  රැකියාවක් ලබා ගැනීමට උදේ සිට ? වනතුරු උත්සාහ කළේ උගත්කමට සරිලන, හොඳ වැටුපක් සහිත රැකියාවක් ලබාගන්නේ කොහොමදැයි කල්පනා කරමිනි.

 ‘‘දුවේ…. දැන් කල වයසත් යනවා. කසාදයක් කර ගත්තොත් නරකද?’’ දුප්පත් මව ඒ යෝජනාව කළේ දෙසීය හැත්තෑවෙනි වතාවටය.

 ‘‘අම්මේ, කසාදයක් කරගන්න කෝ දෑවැදි. අඩුම තරමින් හොඳ රස්සාවක්වත් තිබුණ නම් ප‍්‍රශ්නයක් නෑ’’ ඇය කීවේ දුකෙනි.

 ‘‘අපි ඉන්නෙත් කුලියට’’ ඇය අවසන් වචන ටික කීවේ දෑසට නැගුන කඳුලැලි මවට හොරා පිස දමමිනි.

 ඉරිදා පත්තරයක මංගල යෝජනා තීරුවේ ඒ වනවිටත් දැන්වීමක් පළ කළේ දේදුනුගේ මාමා කෙනෙකි.

 කොහොමින් කොහොම හරි ඒ දැන්වීම වැඩකර තිබිණි.

 මනමාලයින් කිහිපදෙනකු ඇය බලන්නට ආවේ ඒ අනුවය. මේ පැමිණි මනමාලයින් අතර ඈ පැතූ තරුණයා ද විය. ඔහු ඉංජිනේරුවෙකි. දෙදෙනා අතර දුරකථන අංක හුවමාරු විය. ඇය ඇත්තම කීවේ පහුගිය දිනක රාති‍්‍රයේය.

 ‘‘සංතුෂ්…. අපි හරි දුප්පත්. ඉන්නෙ කුලියට. තාත්තා ජීවතුන් අතර නෑ. මට දෙන්න දෑවැදි නෑ. තාත්තගෙ පෙන්ෂෙන් එකෙන් තමයි ජීවත් වෙන්නෙ. මම දන්නවා ඔයා මට ආදරෙයි. ඇගේ හඬ බිඳී ඉකි බිඳුම් හඬ නැගිණි.

 ‘‘ප‍්‍රශ්නයක් නෑ දේදුනු. මම ගෙයක් ගත්තා ඒක ඔයාගෙ නමට ලියන්නම්. අපේ අම්මලාට ඒ දෑවැද්ද පෙන්වන්න. මට වටින්නෙ ඔයා මිසක් දෑවිදි නෙවෙයි’’ ඔහු කී දේ අසා ඇය හඬා වැටුණේ සතුට දරාගත නොහැකිවය.

 ‘‘ඔයා මිනිහෙක් නෙවෙයි සංතුෂ්, දෙවියෙක්.’’ දේදුනුගේ හදේ නැඟී ආදරය දෙගුණ තෙගුණ වී ගියේ ඇය සෙවූ සැමියා හමුවූ සතුට දරාගත නොහැකිවය. විවාහ උත්සවයට සියලූ වියදම් කළේ සංතුෂ්ය.

advertistmentadvertistment
advertistmentadvertistment