වයස් ගත වන විට කාන්තාවන්ට  පීඩා ඇති කරවන රෝග

1210

කාන්තාවන් අප ජීවත් වන්නේ කාණ්ඩ තුනකට අයත් කාලයකට යටත්වය. එනම් ළමා විය, මැදිවිය, මහළු වියයි. අවුරුදු 40 ඉක්මවා මැදි විය පසුකර යන කාන්තාවන් වැඩි ප‍්‍රමාණයක් ආර්තවහරණය සමග තම ජීවිත කාලයෙන් අඩකටවත් වඩා වැඩි ප‍්‍රමාණයක් ගත කරනු ලැබේ. වයස් ගත වීමත් සමග ක‍්‍රමයෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ගැටලූ ගණනාවක් ආර්තවහරණය සමග සිදුවන අතර එවැනි ගැටලූ කල්තබා හඳුනා ගැනීම හා ඒවාට අදාළ හෝමියෝපති ප‍්‍රතිකාර වලට යොමුවීමෙන් වඩාත් සුවදායි ජීවිතයක් ආර්තවහරණය පසුවත් වඩා සුවදායි නිරෝගී ජීවිතයක් ලබා ගත හැකිවනු ඇත.

 වයස්ගත වන විට දක්නට ලැබෙන පීඩාකාරී රෝග තත්ත්ව කිහිපයක් නම්,

 යෝනි මාර්ගය පත්වීම  ආශ‍්‍රිත ගැටලූ (Prolapse)

 වයසත් සමග කාන්තාවන්ට ඇතිවන ගැටලූ අතර වඩාත් සුලබව මෙම ගැටලූකාරී අවස්ථාව දැනගත හැකිය.මෙහිදී ගර්භාෂය හා යෝනි මාර්ගය ආශ‍්‍රිත පටක දුර්වල වීම නිසා ඒවා පිහිටා තිබෙන තැන්වලට වඩා පහත් වීම මෙහිදී සිදු වේ.

 හඳුනා ගැනීම

 * කොන්දේ පහළ කොටසේ ඇතිවන වේදනාව.

 * ලිංගික සංසර්ගයේදී ඇතිවන ගැටලූ සහගත තත්ත්වය.

 * වැසිකිළි යන අවස්ථාවේදී ගුලියක් ආකාරයට යෝනි මාර්ගයෙන් පිටතට පැමිණ තිබීම.

 * සවස් කාලයේදී යෝනි මාර්ගයෙන් යම් දෙයක් පිටතට පැමිණ ඇති බව දැනීම.

 * වැසිකිළි යෑමේදී හෝ මුත‍්‍රා කිරීම ආශ‍්‍රිත ගැටලූවක් ලෙසද මෙහි රෝගී ලක්ෂණ මතුවිය හැකිය.

 ප‍්‍රතිකාර

 හෝමියෝපති ප‍්‍රතිකාරවලදී වළලූ දැමීම හෝ ශල්‍යකර්ම සිදු නොකර යෝනි මාර්ගය පහත් වීම සුවකර ගත හැක. එනම් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේදී ඇයගේ සියලූ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන දෙනු ලබන ඖෂධ මාත‍්‍රාව ඇයගේ ගර්භාෂ හා යෝනි මාර්ග ආශ‍්‍රිත පටක ශක්තිමත් කිරීම සිදු කරනු ඇත. එම නිසා පහත වූ යෝනි මාර්ගය මෙම විශ්මිත හෝමියෝපති ඖෂධ තුළින් පහත් වූ යෝනි මාර්ගය ටිකෙන් ටික ඉහළට එසවී එය යථා තත්ත්වයට පත්වනු ඇත. මෙම තත්ත්වය පිළිසකර කරනුයේ කිසිදු බාහිර ආලේපනයක් හෝ ව්‍යායාමයක් නොමැතිව පාවිච්චිය පහසු වූ මුඛයෙන් ලබා ගන්නා හෝමියෝපති ඖෂධ වලින් පමණක්මය.

 කාන්තාවන්ගේ ගුද මාර්ගය පහත්වීම ආශ‍්‍රිත ගැටලූ.

 ගුද මාර්ගය ආශ‍්‍රිත පටක දුර්වල වීම නිසා ගුලියක් ආකාරයෙන් පහත් වීම සිදුවේ.

 රෝග ලක්ෂණ

 * වැසිකිළි යෑමේදී ගුලියක් ආකාරයට පහත්වීම.

 * ඇතැම් විට තුවාල වී ලේ වහනය වීම.

 ප‍්‍රතිකාර

 හෝමියෝපති ප‍්‍රතිකාර වලදී මෙයද පූර්ණව ඖෂධ තුළින් සුවකර ගත හැක. පටක ශක්තිමත් වීම සඳහා රෝග ලක්ෂණ උපයෝගී කොට ඖෂධ දීම සිදු කරනු ඇත.

 3 මුත‍්‍රා පාලනය කිරීමේ අපහසුතාවය ((Incontinence)

 මුත‍්‍රා පාලනයෙන් තොරවීම වැඩිහිටි වියේ පසුවන කාන්තාවන් අතරින් 50% පමණ පවතින තත්වයක්. මෙම තත්ත්වය ලජ්ජාව නිසා ස`ගවා බොහෝ කාන්තාවන් පීඩාවට පත්වෙමින් කාලය ගත කරනු ඇත. නමුත් මෙය නොස`ගවා ප‍්‍රතිකාර

 ගැනීමෙන් නිරෝගී දිවිපෙවතක් ලබා ගත හැකිවනු ඇත.

 රෝග ලක්‍ෂණ

 මුත‍්‍රා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අපහසුතාවය. ගර්භාෂය හා ඒ ආශ‍්‍රිත පහත් වීමක් සමග මුත‍්‍රා මාර්ගයද පහත් වීම නිසා මුත‍්‍රා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අපහසුතාවය ඇතිවේ. මක්නිසාද මෙම ගැටලූවෙන් පෙලෙන කාන්තාවන්ට මුත‍්‍රා පහ කිරීමෙන් අනතුරුවත් මුත‍්‍රාශයේ මුත‍්‍රා රැුඳී පැවතිය හැක.

 විවිධ ක‍්‍රියාකාරකම් ආශ‍්‍රිතව ඇතිවන මුත‍්‍රා පාලනය කිරීමේ අපහසුතා : (tress Incontinence)

 කිවිසුම් යෑම, පඩි නැගීම, සිනාසෙන විට, වේගයෙන් ඇවිදින විට මුත‍්‍රා පාලනය කිරීමේ අපහසුතාවය ඇතැම් කාන්තාවන්ට ඇතිවිය හැක.

 මුත‍්‍රා බර දරා සිටීමේ අපහසුතාවය.

 මෙම ගැටලූවෙන් පෙලෙන කාන්තාවන්ට මුත‍්‍රා බර ඇති වූ සැණින්ම මුත‍්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇතිවේ. ඔවුන්ට මුත‍්‍රා බර යම් කාලයක් දරාගෙන සිටීම මේ ගැටලූව නිසා අපහසු වනු ඇත.

 ප‍්‍රතිකාර

 ඉහත රෝගී ලක්ෂණ යටතේ කාන්තාවන් තමාට ඇතිවී තිබෙන අපහසුතාවයට අනුව තමන්ගේ ජිවන රටාවේ පවා යම් යම් වෙනස්කම් සිදු කරනු ලැබේ. ඔවුන් නිවසින් බැහැරට නොයෑම, බැහැරට යෑමේදී ජලය පානය නොකර සිටීම, නිතර වැසිකිළි තිබෙන තැන් සෙවීම ආදී විශාල අර්බුදකාරී ජීවන රටාවක් මේ නිසා ඇති කරගනු ලැබේ.

 නමුත් හෝමියෝපති ප‍්‍රතිකාර වලදී ඔවුන්ට පැන නැගී ඇති මානසික තත්ත්වයද, කායික තත්ත්වයද සැලකිල්ලට ගෙන දෙනු ලබන ප‍්‍රතිකාර තුළ පූර්ණ සුවයක් මෙහිදී ඔබට ළගා කරගත හැකිවනු ඇත.

 ආර්තවහරණයෙන්  අනතුරුව රුධිර වහනය

 මෙම රුධිරය පිටවීම බොහෝ බරපතළ නොවන අතර වයස්ගත වීමත් සමග විවිධ හෝර්මෝන ආශ‍්‍රිත ගැටලූකාරී අවස්ථා හේතුවෙන් පටක තුනීවීම මේ සඳහා හේතුවේ. මෙය බොහෝ කාන්තාවන්ට රුධිරය වහනය වීමට හේතුවන ප‍්‍රධාන සාධකයකි.

 අවදානම් සාධක

 කාන්තාවන්ට ඇතිවිය හැකි පිළිකා රෝග දෙකක මූලික අවස්ථාවේ රෝග ලක්ෂණයක් ලෙසද මෙලෙස රුධිරය පිටවිය හැකිය. මෙම පිළිකා වර්ග දෙක ගැබ්ගෙල පිළිකා හා ගර්භාෂ බිත්තියේ පිළිකාය.

 සැලකිය යුතුය

 ආර්තවහරණය පසුව යෝනි මාර්ගයේ රුධිරය පිටවන සෑම අවස්ථාවක්ම පිළිකාවක් විය නොහැකි නිසා ඒ පිළිබඳව කාන්තාවන් අනවශ්‍ය ආකාරයට බිය වියයුතු නැත. බොහෝ දුරට එවැනි කාන්තාවන් 10% පමණ පිරිසක් පටක පිළිකා තත්ත්වය හේතුවෙන් මෙවැනි රෝග ලක්ෂණ පහළ විය හැක.

 ප‍්‍රතිකාර

 හෝමියෝපති ප‍්‍රතිකාර ගර්භාෂගත සියලූ රෝග සඳහා සුවිශේෂීය. ගර්භාෂ ගත සිදුකරන Scan පරීක්ෂණ CT පරීක්ෂණ මගින් රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන දෙනු ලබන ඖෂධ තුළින් ශරීර ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගීම හෝර්මෝන සමතුලිතතාවයට ගෙනඒම මේ තුළින් සිදුකරනු ඇත. තවද රුධිර වහනය වීම සඳහා වූ සියලූ සාධක නැතිවී පූර්ණ සුවයක් ලබා ගත හැකිවනු ඇත.

 යෝනි මාර්ගය ආශ‍්‍රිත දැවිල්ල

 මෙම තත්ත්වය ක‍්‍රමයෙන් වයස්ගත වීමත් සමග ඇතිවිය හැකි මූලික රෝග ලක්ෂණයකි. එම මාර්ගය ආශ‍්‍රිතව දැවිල්ල ස්වභාවය ඇතිවන වේදනාවක් එම මාර්ගයේ දැකගත හැකිවේ. මෙවැනි රෝග තත්ත්ව බොහෝ දුරට කැන්ඞ්ඩයිසිස් වැනි ආසාදන මූලික කරගෙන ඇතිවන නමුත් ඊට පරිබාහිර තවත් රෝග අවස්ථා කිහිපයක් මූලික කරගෙනද මෙම රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. Paget Diseases පූර්ව පිළිකා තත්ත්වයක් ලෙස දැවිල්ල ස්වභාවය යෝනි මාර්ගය ආශ‍්‍රිත රෝග ලක්ෂණ ඇතිවීම.

 ප‍්‍රතිකාර

 යෝනි මාර්ගය ආශ‍්‍රිත වේදනාව, දැවිල්ල සියලූ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන දෙනු ලබන ඖෂධ ක‍්‍රියාකාරකම් රෝග මූලය නැති කර ෙසෙල පටක යථා තත්ත්වයට ගෙන ඒමට උපකාර කරනු ඇත. මේ තුළින් දැවිල්ල, වේදනාව නැතිව යන්නේ රෝගී කාරකය කුමක් වුවත් එය යථා තත්ත්වයට පත් වීමෙනි.

 ඊස්ට‍්‍රජන් ක‍්‍රියාකාරිත්වය ආශ‍්‍රිත ගැටලූ

 යෝනි මාර්ගය හා ඒ ආශ‍්‍රිත පටකවල නිසි ක‍්‍රියාකාරිත්වයට ඊස්ට‍්‍රජන් හෝර්මෝනය ඉතා වැදගත් වේ. එම කාන්තා හෝර්මෝනය මගින් ඒ ආශ‍්‍රිත පද්ධතිවල සුවතාවය පවත්වාගෙන යනු ලබයි. නමුත් කාන්තාවන් ක‍්‍රමයෙන් වයස්ගත වන විට ආර්තවහරණය සමග ඩිම්බකෝෂවල මෙම හෝර්මෝන නිපදවීමේ හැකියාව අඩුවන නිසා යෝනි මාර්ගය ආශ‍්‍රිතව ගැටලූ සහගත තත්ත්ව ඇතිවේ.

 රෝග ලක්ෂණ

 * යෝනි මාර්ගය ආශ‍්‍රිතව කසන ස්වභාවය.

 * මුත‍්‍රා ආසාදන වලට නිතර ලක්වීම.

 මෙයට අමතරව අධික ලෙස දහඩිය දැමීම, ශරීරය තෙහෙට්ටු ගතිය, නිතර කෝපයට පත්වීම, නුරුස්සන ගතිය, සමෙහි පාට වෙනස් වීම වැනි නොයෙකුත් ලක්ෂණ මතුවනු ඇත.

 හෝමියෝපති ප‍්‍රතිකාර තුළ ප‍්‍රතිශක්තිය

 ගොඩනැංවීම එහි මූලධර්මයයි. මේ අනුව ෙසෙල පටක නව ජීවනයක් ලැබීම සිදු කරනු ඇත. ඒ අනුව ඖෂධීය හෝමියෝපති ප‍්‍රතිකාර තුළ මූලධර්මයන්ට අනුව සියලූ රෝග ලක්ෂණ පහවී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් පමණක නොව තාරුණ්‍ය රැුකදීමද මේ තුළින් ඔබට හිමිවනු ඇත.

වයස් ගත වන විට කාන්තාවන්ට  පීඩා ඇති කරවන රෝග


advertistmentadvertistment