වයෝවෘද්ධ මාතාවට ලිංගික අතවර කළ පුද්ගලයා නිදැල්ලේ!

568

71 හැවිරිදි වයෝවෘද්ධ මාතාවක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය ඊයේ (10 දා) පැවසීය.

බෙල්ල කපා මරාදමන බවට බිය ගන්නවා ලිංගික අතවරය සිදුකර ඇතැයිද” ඇය නිවසේ හුදෙකලාව ජීවත්වන බවත්” නිවස ආසන්නයේ දියණියක් පදිංචිව සිටින බවත් පොලිසිය කියයි. ලිංගික අපයෝජනය හේතුවෙන් ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන පොලිසිය වැඩිදුරටත් කියාසිටී.

පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සාලිය පතිරාජ සූරිය” ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. එම්. කේ. රමණී ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක


advertistmentadvertistment