ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි වෘත්තීය ආලෝකවත් කරමින් 65 වසරක් ප්‍රගතිශීලි පරිවර්තනයක් ඔස්සේ වෘත්තීය ප්‍රබෝධය ඉහළ දමා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ එම ආයතනයට වසර 65ක් පිරීම නිමිත්තෙන් එම ආයතන ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂණ කුරුප්පු මහතා, ආයතනයේ සශ්‍රීක ඉතිහාසය සහ විශිෂ්ටත්වය උදෙසා සිය නොසැලෙන කැපවීමත් නව්‍යකරණය තුළින් ආත්මයත් සංකේතවත් කරවන 65 වැනි සංවත්සර උත්සවය සමරන්නට ලැබීම ඉතා ආඩම්බරයක් බවද පැවසීය.
එම ආයතනයේ උප සභාපති ටිෂාන් සුබසිංහ මහතා අදහස් දක්වමින්, 65 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් සටහනේ පෙළගැස්ම ආයතනයට ඉතා ආඩම්බරයක් බවද ගණකාධිකාරි වෘත්තියට නායකත්වය ලබාදීමට දශක ගණනාවක් තිස්සේ දැඩි කැපවීමක් හා උත්සාහයක් ගත් බවද පැවසීය.
1959 වසරේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වරලත්
ගණකාධිකාරි ආයතනය ගණකාධිකාරි වෘත්තියේ අභිවෘද්ධියට ස්ථාපිත කළ එකම ජාතික ආයතනය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ධර්මසේන – වැලිපිටිය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ නිල ලාංඡනයක් එළිදැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. එම ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු සහ ටිෂාන් සුබසිංහ, අශෝක පියදිගම, ලක්මාලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය