වර්ජනයට දින 50යි! – සරසවි 17ක් ඉදිරිපිට අනධ්‍යයන සේවකයෝ සත්‍යග්‍රහ අරඹති

102

වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් 50 වැනි දිනයටත් අද (20දා) වැඩ වර්ජනයේ නිරත වන සරසවි අනධ්‍යයන සේවකයෝ ඊයේ (19දා) සිට දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල 17 ඉදිරිපිට අට්ටාල ගසා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද ආරම්භ කළහ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, සෞන්දර්ය කලා, ශ්‍රී ලංකා විවෘත, කැලණිය, රුහුණු, සබරගමුව, රජරට, වයඹ, ඌව වෙල්ලස්ස, යක්කල ආයුර්වේද, නැඟෙනහිර, අග්නිදිග, වව්නියාව, යාපනය ඇතුළු විශ්වවිද්‍යාල 17 තුළ මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා “දිවයින” ට පැවැසීය.

සිය වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවද හෙතෙම කීය.

සිය ගැටලුවට තවදුරටත් විසඳුම් නොලැබුණහොත් සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹට ගෙනඒමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය.

“මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මුණගැහුණු වෙලාවේ ඔවුන්ගෙන් සුබදායක පිළිතුරු ලැබණා. අපි කියන්නේ මේ ගැටලුවට විසඳුම ලිඛිතව දෙන්න කියලයි. ඒ ලිඛිතව උත්තරය ලැබුණු ගමන් වැඩ වර්ජනය නතර කරනවා. දැන් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල නතර වෙලයි තියෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment