වර්ජන අසහනය  දුරුවන්නේ කවදාද?

143

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ  ඊට සමාන ආයතනවල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැුක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් පසුගිය සිකුරාදා  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් තිබිණි

1891 වන විට ලංකාවේ පුවත්පත් කාර්යාලවල කම්කරුවන් දහසකට වැඩි පිරිසක් සිටි බව ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය ‘ශ‍්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම’ කෘතියේදී පවසයි. මුද්‍රණකරුවන්, පොත් බඳින්නෝ එයින් වැඩි පිරිස වූහ. මේ වන විට ලෝකයේ ඇතැම් රටවල කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව උනන්දුව වර්ධනය වෙමින් පැවැති අතර ලංකාවේද කම්කරුවන් තම වෘත්තීය අයිතිය පිළිබඳ අවධානයෙන් සිටියේය. ලංකාවේ පළමු වැඩවර්ජනය ලෙස සැලකෙන්නේ 1893 සිදුවූ මුද්‍රණකරුවන්ගේ වැඩ වර්ජනයයි. ඉතිහාසය පුරාවට සිදුවූ වැඩවර්ජන සඳහා මුල්වූ සාමාන්‍ය කම්කරුවන් ගැන අවධානය යොමු වන්නේ ඉතාමත් අඩුවෙනි. මුද්‍රණකරුවන්ගේ වැඩ වර්ජනයේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළේද සාමාන්‍ය කම්කරුවන්ය.

1929 ට‍්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබියදී වර්ජක කම්කරුවන්ට සහයෝගය දුන් තරුණ කාන්තාවක් රථ වාහනයට අවහිර කරමින් ට‍්‍රෑම් පීලි හරහා වැතිර සිටි පුවතක් ශ‍්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසයේ ලියැවී ඇත. ඇය එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි යැයි නමින් සඳහන් වෙයි. කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ ‘‘වීර පොන්සිනාහාමි” යනුවෙනි. කොළඹ, සුදුවැල්ල සහ මරියකඬේ ප‍්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැුකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර, ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ චරිතයකි. පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට‍්‍රෑම්කාර් වර්ජනයෙන් නොව ඊට වසර හයකට පෙර 1923 මහා වැඩ වර්ජනයත් සමඟය. කම්කරු අරගලයකදී ඇයට එරෙහි චෝදනාව වුණේ, බ‍්‍රවුන් සමාගමේ ලිපිකරුවකුට කම්මුල් පහරක් එල්ල කිරීමය. එම චෝදනා යටතේ නඩු පවරන ලදුව අධිකරණය විසින් පොන්සිනාහාමිට එරෙහිව මාසයක සිර දඬුවමක් නියම කරණු ලැබුණි. පොන්සිනාහාමි රුපියලේ පඩියට වැඩ කළ කම්කරු කතක් විය. ඉතිහාසයේ කම්කරු අරගල ගැන නොයෙක් කතා ලියවුනද අද පැවැත්වෙන වර්ජන තර්ජන ගැන ජනතාව බලන්නේ සතුටින් නම් නොවේ.

ඉකුත් වසරේ අගෝස්තුවේදී ඩෙල්ටා රැුල්ල ලංකාවට පහර දෙද්දී ආණ්ඩුව දණගැස්වීමේ පරමාර්ථය ඇතිව ගුරු වර්ජනය ක‍්‍රියාත්මක විය. ගුරු වැටුප පරයා ඩෙල්ටා පොකුර දිලෙන බව පැහැදිලිව පෙනී ගියේ ඔක්තෝම්බරයේ රට වසා දැමුණු පසු දිනකට කොරෝනා රෝගීන් දෙසීයකට වඩා මියයන විටය. කළු අව් කණ්ණාඩි පැළඳගත් ගුරුවරියෝ තමන්ට මන්තී‍්‍ර වැටුප අවශ්‍ය බව දැක්වෙන පෝස්ටර් අල්ලාගෙන ජනපති කාර්යාලය ඉදිරිපිට අව්වේ වේලෙන අයුරුත් ඔන්ලයින් පංතියට නොඑන ගුරුවරිය මහපාරේ පෙළපාලි යන අයුරුත් අපේ දරුවෝ උකටලීව රූපවාහිනියෙන් දුටහ. දැන් ඒ කතාව අවසන් වී ඇත. ගුරුවැටුප් විෂමතාවය දුරු වී තිබේ. නැවතත් සෞඛ්‍ය සංගම් මාෆියාව ක‍්‍රියාත්මක වේ. ඒ දුප්පත් රෝගියාගේ ගෙල සිර කිරීමටය. ඇත්තෙන්ම හමුදාව යොදා නොගෙන එන්නත්කරණය සිදු කළා නම් අපේ රට බලවත් අර්බුදයකට යනු නියතය. මන්ද ඊනියා සෞඛ්‍ය සංගම් හමුදාව යොදවා එන්නත්කරණය කිරීමටද එරෙහි විය. පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන කිසිම විටක සෞඛ්‍ය සංගම් පවත්වන්නේ නැත. එය සිදු කළේ හමුදාව පමණි. මාෆියා සෞඛ්‍ය සංගම්වලට අවශ්‍ය වූයේ ද එන්නත්කරණයද අවුල් කිරීමටය. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂයේ ඉදිරි පෙළ නායකයන්ගේ පුරෝකථනය වූයේ කොරෝනා උවදුර හේතුවෙන් අවම වශයෙන් ලක්ෂයක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනු ඇත යන්නය. යුද හමුදාවේ සහභාගිත්වයෙන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන විට ඇතැමුන් එය පෙන්වා දුන්නේ මිලිටරිකරණය කිරීමක් වශයෙනි. එහෙත්, රණවිරුවන් විසින් සෞඛ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන ගියේ ජනාධිපතිවරයා යුද හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය මනාව සුරක්ෂිත කරමිනි. කොවිඞ් ව්‍යාප්තිය පාලනය කෙරෙහි යුද්ධ හමුදාවේ දායකත්වය මිලිටරිකරණය ලෙස අර්ථදැක්වූවන්ගේ චෝදනා පුස් වෙඩි බවට පත් කරමින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඞ් අවදානම අවම කිරීමේ ක‍්‍රියාන්විතය බලාත්මක කළේය. සාමාන්‍ය ජනතාව මේ මිලිටරිකරණයට කැමති වන්නේ වර්ජනයක් පැවැත්වෙන සෑම විටකම කියන්නේ හමුදාව යොදවා හෝ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යායුතු බවය. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ වර්ජන, උද්ඝෝෂණ හා මහජන පීඩාවන් ඇති කරන විට ඒවාට එරෙහිවීමට ජාතිමාමක හා ප‍්‍රගතිශීලී බලවේගයන්ට ඇත්තේ පාරිශුද්ධ වූ වගකීමකි.

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතනවල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැුක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් පසුගිය සිකුරාදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් තිබිණි. මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල කටයුතුවලට  පසුගිය සතිය පුරා විවිධ බාධා එල්ල විය. සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෙනසුරාදා ඉවත් වී තිබේ. මෙම වැඩවර්ජනයට අදාළව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය 10 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ අතර කෙසේ වෙතත් එය නොතකා තවදුරටත් පෙරේදා දක්වාම ඔවුන් වැඩවර්ජනයේ නිරත විය. පවතින තත්ත්වය අනුව අධිකරණ නියෝගයට හිස නමමින් මෙම වැඩවර්ජනයෙන් තාවකාලිකව ඉවත් වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය ඇති බව 2020 වසරේ දින පහකට පමණක් මන්ත‍්‍රී ධුරයක් ලබා ගත් රත්නප‍්‍රිය මහතා ප‍්‍රකාශ කර තිබිණි. කවරක් නමුත් කිසියම් පුද්ගලයකු ඊළඟ ආණ්ඩුවක මන්ත‍්‍රී පදවියක් අපේක්ෂා කරමින් වැඩ වර්ජන සංවිධානය කරන්නේ නම්, ඒ තරම් තකතීරු වැඩක් තවත් නැත. වර්ජනයේ යෙදෙන වෘත්තීය සමිති ඉල්ලීම් හතක් ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එයින් කිහිපයක් දිය හැකි බවට සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වී ඇත. සමහර ඒවා ඉටුකළ නොහැකිය. ඉන් එකක් වන්නේ රටේ සියලූම පාසල් දරුවන්ට නොමිලේ මුව ආවරණ දීමය. තව එකක් වන්නේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල අඩු කිරීමය. මේ රටේ දෙමාපියන් කිසිම විටක තමන්ගේ ළමයින්ට ආණ්ඩුවෙන් මුව ආවරණ නොමිලේ ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ නැත. නමුත් මේ වෘත්තීය සංගම් මේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ අවුලක් ඇති කිරීමට මිස අන් දෙයකට නොවේ. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය හිටපු විධායක සභික, 80 වැඩ වර්ජක එම්. කරපුටුගල පසුගිය කාල පුරා සිදුවූ වැඩවර්ජන ගැන ලිපියක් ලියමින් මෙලෙස ස`දහන් කර තිබිණි.

‘‘80 ජුලි වර්ජනය අවසන් වූයේ ද, අවසන් වී ඇත්තේ ද පරාජයකිනි 80 වැඩ වර්ජකයන්ගේ එක් ඉල්ලීමක් වූයේ දිනකට රුපියල් 10ක වැඩි වැටුප් වැඩි වීමකි. වසංගතය මැද්දේ වර්තමානයේ සිදුවන වර්ජන නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇත. වර්තමානයේ කොවිඞ් ව්‍යසනය හමුවේ කරනු ලබන වැඩ වර්ජන මහජනයාගේ බලවත් අප‍්‍රසාදයට පත්ව ඇති බව සඳහන් කළ යුතුමය. රෝගීන් අපහසුතාවයට පත්කරමින් සිදුවන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ වර්ජන, පාසල් දරුවන් අපහසුතාවයට පත්කරමින් සිදුවන ගුරු වැඩවර්ජන නිසා හෙම්බත් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවයි. මහජන මුදලින් වැටුප් ලබන මොවුන් ජනතාවගේ අප‍්‍රසාදයටත් වෛරයටත් පාත‍්‍ර වී ඇති බව සාමාන්‍ය ජනයාගේ ප‍්‍රතිචාරවලින් දෘශ්‍යමාන වේ.”

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජී. විජේසූරිය මහතා පවසන්නේ මෙවන් පවසන්නේ මෙවන් කාලයක වර්ජන සිදුවීම ඉතා කනගාටුදායක බවයි. මේ නිසා වළක්වාගත හැකි මරණ පවා සිදුවී ඇති බව එතුමා මාධ්‍ය හමුවේ ප‍්‍රචාරය කර තිබිණි. ජනතාව පීඩාවට පත් නොකර සියලූ දෙනා එක්ව විස`දුම්කරා පැමිණෙන්නේ නම් එය දුගී රෝගියාට සහනයකි. පාන්දර 04 ඇහිරී බඩගින්නෙම කිලෝමීටර පනහ හැට දුර ගෙවාගෙන රෝහලට එන  රෝගියාට බෙහෙත් ගන්නට නොහැකි වන්නේ නම් ඔවුන් පත්වන අපහසුව කොපමණද? බස් වර්ජනයෙන් පීඩා විදිනවාට වාඩා රෝහලෙන් බෙහෙතක් ලබා ගැනීමට නොහැකිවීම ශාරීරික වේදනාව මෙන්ම මානසික අසහනය වැඩි කරයි. මේ අසහනය දුරුවන දිනය උදාවනතෙක් බලා සිටිමු.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment