වර්ණයේ චමත්කාරය හා හැඩතලයේ නව්‍ය බව

194

දෙහිවල ශුද්ධ වු කන්‍යාරාම පාසලට යාබදව පිහිටි සීහගිරි නම් නිවසේදී වෛද්‍ය ජේම්ස් ප‍්‍රැන්සිස් පීරිස් මහතාට හා ඇන් ග්ට්රූට් විනිපිඩා මහත්මියට දාව වර්ෂ 1921 ජුනි 31 වෙනි දින අයිවන් සෙන්ට් එල්මෝ ඉග්නේෂස් පීරිස් නොහොත් අයිවන් පීරිස් සිත්තරා මෙලොව එළිය දකින්නේය. හතර දෙනෙකුගෙන් යුක්ත පවුලේ තුන්වැනියා වු අයිවන්ගේ වැඩිමහල් සොහොයුරා වනුයේ ලෝක පුජිත සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

ඒ කෙසේ වෙතත් අයිවන් පීරිස් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන සොහොයුරන් අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ සාන්ත පීතර විදුහලෙනි. ලෙස්ටර් පාසලේදී සාහිත්‍යයට උනන්දුව දැක්වු අතර අයිවන් චිත‍්‍ර කලාවට ප‍්‍රියතාවයක් දැක්විය. චිත‍්‍ර පන්තියේදී

අයිවන්ගේ ප‍්‍රතිභාව අසාමාන්‍ය ලෙස කැපි පෙනෙනු අතර චිත‍්‍ර ගුරුවරයා ඒ බව පීටර් පිල්ලේ විදුහල්පති තුමාට කිව්වේය. ඔහු කියු පරිදි ” කවදා හෝ අයිවන් ජාත්‍යන්තරව නමක් ගන්නා චිත‍්‍ර ශිල්පියෙකු වන බවට අනාවැකි පල කරමින්ය.”

අයිවන් පීරිස් ගැන ලෙස්ටර් ජේම්ස් පීරීස් සඳහන් කරන ආකාරයට මෙසේය.

වර්ණයේ චමත්කාරය හා හැඩතලයේ නව්‍ය බව
අයිවන් පීරිස්

අයිවන් මල්ලි පාසලේ සිට ගෙදර පැමිණි පසු තම කාමරයට වී චිත‍්‍ර ඇන්දා මම ඒ දිහා ලොකු සතුටකින් බලා සිටියේ අපි දෙන්නාගේ සහෝදරකමට වැඩිය තිබුණේ මිත‍්‍රත්වයක් අපි වරෙක පයින් දෙහිවල සත්තු වත්තට යනවා. අයිවන් හුදෙකලා වෙන්න කැමති චරිතයක් අපි දෙන්නා මැජෙස්ටික් සිනමාහලට ගිහින් M.G.M. සමාඟමේ චිත‍්‍රපට රාශියක් බලා තිබෙනවා. අයිවන් වඩාත් කැමති ත‍්‍රාසජනක චිත‍්‍රපටි (ADAVENTURE FILMS) බලන්න වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ අපි දෙන්නා ටාසන් චිත‍්‍රපට (TARZAN FILMS) බලා ලොකු සතුටක් වින්දා කාමරයකට වෙලා චිත‍්‍ර ඇද ඇද කාලය ගත කරන නිසා අපේ අම්මා අයිවන්ට නොයෙක් විට බැණ වැදුනා ”චිත‍්‍ර කාරයෙකුට තියෙන අනාගතය මොකක්ද?” අම්මා එහෙම කියන කොට තාත්තා ඒ දිහා බැලූවේ හරිම සැහැල්ලූවෙන් ” ඒ ළමයි දෙන්නා ඒ යන මග තෝරා ගනීවි. අපි ඒ දිහා සතුටින් බලා සිටිමු.” තාත්තා කීවා.

අයිවන් පීරිස් මුලින්ම චිත‍්‍ර කලාවට පාසලේදී අත්පොත්සන් තැබුවත් ජගත් කීර්තිධර චිත‍්‍ර ශිල්පියෙක් වීමට නියත විවරණ ලැබුවේ එවකට ජාත්‍යන්තර කීර්තියක් ලබා සිටි ඬේවිඩ් ජෙන්ටර් චිත‍්‍ර ශිල්පියාගෙන්ය. එහිදී ඔහුට එකල නමක් දිනාගෙන සිටි කාටුන් ශිල්පි ඕබි‍්‍ර කොලට් හමු වී ඇත. පසුව ශ්‍රේෂ්ඨ චිත‍්‍ර කලා විශේෂඥයෙකු වු හැරි පිරීස්ගේ මඟ පෙන්වීම යටතේ තම චිත‍්‍ර කලා වපසරිය වර්ධනය කර ගත් අයිවන් විවිධ චිත‍්‍ර තරඟ වලට තම කෘතින් ඉදිරිපත් කරන්නට විය. ලංකා කලා සංගමයේ වාර්ෂික චිත‍්‍ර ප‍්‍රදර්ශන වලදී කිහිප විටක්ම ජයග‍්‍රහණ ලබා ගත්තේය.

පසුව ”යුද්ධ කාලයේ ඉංග‍්‍රිසින් ”මොනවා හරි පැල කරන්න” (GROW MORE FOOD) කියලා ප‍්‍රදර්ශනයක් පැවැත්වු අතර එයට අයිවන් චිත‍්‍ර කිහිපයක් ඉදිරිපත් කල අතර එයින් හොදම චිත‍්‍ර කිහිපය එකල ඉංග‍්‍රිසි රජය විසින් මිලදි ගැනීම ද අයිවන්ගේ චිත‍්‍ර කලා ගමන් මඟට මහත් ආත්ම ශක්තියක් විය.

පසු කාලීනව අයිවන්ගේ චිත‍්‍ර දැකපු සුපං‍්‍රකට ඡයාරූප ශිල්පී ලයනල් වෙන්ඩ්ට් ඔහු සමඟ මිත‍්‍ර වී ඇති අතර චිත‍්‍ර කලාව හැදෑරීමට වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත් වීමට සහයෝගය ලබා දී ඇත.

අයිවන් පිරීස්ට එංගලන්තයේ පැවැත්වු වාර්ෂික ප‍්‍රදර්ශන වලදීද පිට පිට ජයග‍්‍රහණය ලැබුණු අතර ඔහුගේ චිත‍්‍ර කලාව ගැන විචාරකයන් මහත් ප‍්‍රසාදයෙන් කතා කරන්නට විය. මේ විචාරකයන් අතර ජෝන් බර්ගර්, විලියම් ගේ‍්‍රහැම්, ජෝර්ජ් බුවර් යන අය ප‍්‍රමුඛ විය. අයිවන් පීරිස් ඇතැම් එංගලන්ත චිත‍්‍ර කලා විචාරකයින් ”පේ‍්‍රමයේ පිටුවහලා”

( ROMANTIC EXILE ) නමින් හැඳින්විය. මොහු විසින් ඇඳි ඉතා චමත්කාර ජනක ස්ත‍්‍රීන්ගේ නග්න රූප හා අනුරාගි චිත‍්‍ර මංජරිය නිසා මේ නමින් ඔහුව හඳුන්වන්නට ඇතැයි අපට සිතාගත හැක. එයට අමතරව ලෝප‍්‍රකට පුවත්පත් කිහිපයක්ද විචාරකයින් කිහිප දෙනෙක් ද අයිවන්ගේ චිත‍්‍ර ගැන විශේෂ ඇගයීම් කර ඇත. ඒවා පහතින් දැක්වෙන පරිදි වර්ගීකරණය කළ හැකිය.

”ආභාෂයන් ඵලදායි ලෙස උකහාලත් අයිවන් පීරිස් තමාටම ආවේනික වු ප‍්‍රාණවත් පුද්ගලික ශෛලියක් ගොඩ නඟා ගෙන ඇත.”

(මැන්චෙස්ටර් ගාඩියන්)

”විවිධය, සියුම්ය, චාම්ය, ප‍්‍රාණවත්ය, විශිෂ්ඨ ශිල්පමය දක්ෂතාවයකට සාක්ෂි දරයි. ”

(ලෙන්ත‍්‍ර ප‍්‍රන්සෙග්)

”අයිවන් පීරිස් යථාර්ථය හෙළි කරන තරමට කලාව නිදහස් බව සිහි කරන චිත‍්‍ර ශිල්පීන්ගෙන් කෙනෙකි. ”

(නිව් ස්ටේස්මන් ඇන්ඩ් නේෂන්)

”සම්භාව්‍ය ලෙස සකස් වු සන්සුන් අවස්ථාවන්හිදී ධ්‍යානයකට යොමු කරන අයිවන් පීරිස්ගේ චිත‍්‍ර රසිකයා වෙත විවිධ කර්කශ හ`ඩින් කෑගසන නුතන චිත‍්‍ර ශිල්පීන්ට හාත්පසින්ම විරුද්ධය. ”

(ආට්ස් රිවිව්)

”අයිවන් පීරිස්ගේ සිතුවම් තුළ සිහිනයක සේයාවක් පවතියි. එහෙත් එය සිහිනයක් වුවත් එහි සිත් ඇඳ බැඳ තබා ගැනීමේ යථාර්ථයක් ඇත. ඔහුගේ සිතුවමේ වර්ණවල රිද්මය හැඟීම වැඩි කරන්නක් පමණක් නොව එය බුද්ධිමය වශයෙන් නිසි ලෙස සකස් කරන ලද අව්‍යාජ ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රපංචයකි. ”

(මහාචාර්ය සේනක බණ්ඩාරනායක)

”අයිවන් පීරිස්ගේ චිත‍්‍ර පෙරදිග හා අපරදිග චිත‍්‍ර කලාවන්ගේ හරයෙහි සංකලනයකි.”

(මහාචාර්ය ඇල්බට් ධර්මසිරි)

අයිවන් පීරිස්ගේ චිත‍්‍ර කලාව ගැන කතා කිරිමේදී ඔහුගේ චිත‍්‍රවලට ලොව ප‍්‍රචලිත චිත‍්‍ර ශීල්පී එල්ග්‍රෙකෝගේ ආභාෂය ලබාගෙන ඇති වග පෙනීයයි. ඒ වගේම සරල හැඩතල හා චාම් සිමිත වර්ණ භාවිතා කරමින් ගොඩනැගුණු ඔහුගේ චිත‍්‍ර 43 කණ්ඩායමේ අන් ශීල්පීන්ට වඩා නුතනත්වයක් හා විශේෂත්වයක් පෙන්වමින් කැපී පෙනෙයි. අයිවන් තම සිතුවම තුළ ඊටම ආවේණික ආකෘතියක් ගොඩනැඟීමට හැම විටම වග බලා ගත්තේය. ප‍්‍රකාශනවාදී ගුණයෙන් පොහොසත් වු අයිවන් ගේ චිත‍්‍ර අතර මුහුද සහ මුහුදු වෙරළ ආශ‍්‍රිතව නිර්මාණය කළ බොහෝ සිතුවම් තුළ හුදකලාව, පාළුව, කාන්සිය, භයංකරත්වය අපුරුවට වර්ණ හා හැඩ මගින් අයිවන් මුර්තිමත් කර ඇති අයුරු ඉතා ප‍්‍රශංශනීයය. නිදර්ශන වශයෙන් ”මුහුදු රළ”, ”වෙරළ”, ””නැවත පැමිණිම”, ”මාළුකාරයන් ගේ නිවාස” යන චිත‍්‍ර අපට ගත හැක. මෙම චිත‍්‍ර මාලාවන් තුළින් ධීවර හා මුහුද ආශ‍්‍රිත ජීවිතයේ ස්වභාවය ඔහුටම ආවේණික වර්ණ හා හැඩතල ම`ගින් ප‍්‍රකාශයට පත් කිරීම නැවුම්ය.

”නැවත පැමිණිම” සිතුවම තුළින් අයිවන් පිරිස් තම මුහුදු බඩ ජීවිතය ගැන අපුරු චිත‍්‍රයම සංකේතයක් මවාපායි. මුහුදු ගිය පුද්ගලයින් පැමිණීමේ බලාපොරොත්තුවෙන් නිසල මුහුද දෙස බලා සිටින අයුරු සහ ඒ අවට පරිසරයේ දක්නට ලැබෙන නිශ්චල ස්වභාවය තේමාවට උචිත පරිදි රූප සම්පිණ්ඩණයක් ඔස්සේ හැඩතල රන්වන් පැහැය මුලික කරගෙන රාශිභූත කරමින් ගොඩ නගා ඇත. සුදු, දුඹුරු මිශ‍්‍ර රන්වන් පැහැය මෙම චිත‍්‍රයෙහි වර්ණ පද්ධතිය වන අතර ඒ තුලින් ශිල්පියා හුදකලාව සහ භයංකාරත්වය මතුකර පෙන්වීමට උත්සාහ ගෙන ඇත. තවද නරඹන්නාට පාළුවක් හා භයංකරත්වයක් ගෙන දෙන කෘති අතර ”තනියම” හා ”තනියම මිනිසා” යන කෘති ගත හැක. විශාල පරාසයක් තුල මෙම චිත‍්‍ර තුළින් එක් මිනිසෙක් විවිධ අවස්ථාවලදී ස්ථාන ගත කරමින් ඇඳ දක්වා තිබීම. අයිවන් පීරිස් ගේ චිත‍්‍ර කලාවේ සුවිශේෂී ලක්ෂණයක් වේ. චිත‍්‍රයේ ආකෘතිය තිරස් හා සිරස් රේඛාවලින් ජේදනය වන පරිදි ඇඳීමද, සරල හැඩතල භාවිතා කිරීමද සීමිත චාම් වර්ණ භාවිතයද ව්ශේෂ ලක්ෂණ වශයෙන් ඔහුගේ චිත‍්‍ර කලාව ගැන කථා කිරීමේදී අපට ගත හැකි වැදගත් ලක්ෂණයක් වේ.

සීමිත වර්ණ මාලාවක් භාවිතා කිරීමට අයිවන් පිරිස් වග බලාගෙන ඇත. වර්ණ වල සංගත පැහැයන් බොහෝ දුරට මේ ශිල්පියා භාවිතා කර ඇති අතර ඇතැම් අවස්ථාවල සංකේත භාවිතයේදී විසංගත වර්ණද භාවිතා කර ඇත. කැන්වසය මත වර්ණ තැවරීමේදී අයිවන් පීරිස්ට ආවේණික වු ශෛලියක් ප‍්‍රයෝජනයට ගත් අතර බොහෝ කලා විචාරකයෝ එම ශිල්ප ක‍්‍රමය එල් ගේ‍්‍රකෝගේ ශිල්පිය තාක්ෂණ ක‍්‍රමයට බොහෝ සමාන වන බව පවසයි. එනම් වර්ණ එක මත එක සිතුවම් ඇඳීමේ ශීල්පීය ක‍්‍රමය නොහොත් : (IMPASTO) ක‍්‍රමය මත මෙම තාක්ෂණ ක‍්‍රමය අයිවන් පීරිස් තම චිත‍්‍ර සඳහා යොදා ගත් බව බොහෝ චිත‍්‍ර කලා විශ්ලේෂකයින් පවසයි. ”එල් ගේ‍්‍රකෝට ප‍්‍රණාමය” නම් චිත‍්‍රය මේ බව මනාව ඔප්පු කරන අයිවන් පීරිස්ගේ විශිෂ්ඨ කෘතියක් ලෙස අපට හැඳින්විය හැක. මෙම සිතුවම් ශෛලියේ ප‍්‍රධාන දුර්වලතාවයක් වනුයේ පසුකාලීනව වර්ණ පදාස තුළ ඉරිතැලිම සිදුවීමයි. එම ප‍්‍රවණතාවය දැනටමත් අයිවන් පීරිස්ගේ ඇතැම් චිත‍්‍ර වලට බලපා ඇත.

අයිවන් පීරිස්ගේ චිත‍්‍ර කලා ගමන් මගේ රේඛාවට වැඩි තැනක් දී නැති වග ඔහු ගේ අතින් බිහි වු සීමිත රේඛා චිත‍්‍ර සමුහය තුලින් අපට ගම්‍යමාන වෙයි. අන් චිත‍්‍ර දෙස බලන විට රේඛාව හැසිරවීමේදී ඔහු රේඛාව තුල ප‍්‍රබල හැකියාවක් පෙන්නුම් කර නොමැත. රේඛා භාවිතය ඔහු සීමිතව සිදු කලත් චිත‍්‍රය තුළ විවිධ වු තිරස් සහ සිරස් වස්තූන් ස්ථාන ගත කර ඇති ආකාරයක් නිර්මාණ තුළ රේඛාවන් ප‍්‍රබලව ගොඩනැගීම අපට දැකිය හැක. විශේෂයෙන්ම කිවහොත් අයිවන් පීරිස්ට ඒ සඳහා සරල හැඩතල සංකේතාත්මකව මෙන්ම අර්ථාන්විතව රාශිභූත කිරීමේ විශේෂ හැකියාවක් තිබු බව එම චිත‍්‍ර දෙස විමර්ශනයක් කිරීමේදී අපට පසක් වෙන කාරණයකි. නිදසුන් වශයෙන් ඔහුගේ සිතුවම් අතර දක්නට ලැබෙන ”මුහුදු රළ”, ”නැවත පැමිණීම”, ”තනියම මිනිසා” ”සුදු ආකාසය”, ”දෙහිවල II” ආදී කෘතිවල වල ඉහත කී ලක්ෂණ අපට දැක ගත හැකිය. යුරෝපයේ ඝණිකවාදී ආකෘතියක් තුල ගොඩ නඟා ගත් හැඩතල කිහිපයක් ඔස්සේ මෙම චිත‍්‍ර ගොඩ නැඟීම තුලින් අයිවන් පීරිස් තමාගේ චිත‍්‍ර කලා ශෛලියේ අනන්‍යතාවය අපුරුවට ලොවට විද්‍යාමාන කර පෙන්වයි.

විචාරකයින් පවසන අන්දමට අයිවන් පීරිස් මුලික ශාස්ත‍්‍රාලීය කලාව අනුමනය කළ ශිල්පීන් දෙපළකගේ සිතුවම් පිළිබඳව ගුරුහරුකම් ලබා ගත්තක් එම ශාස්ත‍්‍රාලීය ශිල්ප ක‍්‍රමයට හාත්පසින් වෙනස් ශෛලියක් ඔහු පසු කාලීනව ගොඩ නඟා ගෙන ඇත. අයිවර් පීරිස්ගේ ඇතැම් චිත‍්‍ර වලට ඝණිකවාදී චිත‍්‍ර ශිල්පීන් වු බ‍්‍රාක් පිකාසෝ වැන්නන්ගේ ආභාෂය ද ලැබී ඇත. ඔහුගේ ”නිශ්චල සංගීත භාණ්ඩ සහ මල් ” ”මිනිසා, ගැහැණිය, අශ්වයා” යන සිතුවම් දෙස බැලීමේදී ඒබ ව මනාව අපට පසක් කොට ගත හැකිය. ජා්‍යාමිතික හැඩ උපයෝගි කරගෙන ඇඳී ඇති මෙම සිතුවම් මාලාවේ වර්ණ මාලාවන්ද බ‍්‍රාක් සහ පිකාසෝගේ නිශ්චල වස්තු නිර්මාණය කිරීමේදී යොදා ගත් වර්ණ මාලාවන්ට බෙහෙවින් සමානය.

අයිවර් පීරීස්ගේ භූ දර්ශන සිතුවම් දෙස බැලීමේදී පිරීස් පෝල් ගොගෑන් හා වින්සන්ට් වැන්ගෝ ශිල්පීන්ගේ ශිල්ප ආරයන්ගේ ආභාෂය ලබා ඇති බව පෙනී යයි. උපස්ථිතිවාදී ශිල්පීන් වු මොවුන්ගේ ආභාෂය තුලින් අයිවන් පීරීස් නිර්මාණය කල භූ දර්ශනය අතර ”ඇල්බීසියාගස්”, ”මාතෘකාවක් නොමැති භූ දර්ශනය” ”ඔක්ස්ෆර්ඩ් ප‍්‍රදේශයේ භූ දර්ශනයක්” ආදී සිතුවම් අපට ගත හැකිය. ඒ ඒ පරිසර වල වස්තූන් වල හැඩයන් වර්ණයන්, හා ආලෝක අඳුර මතුකරලීමට අයිවන් පීරිස් මේ උපස්ථිතිවාදී කලා ලක්ෂණ අනුගමනය කර ඇති වග ඉහත කී භූ දර්ශන බැලීමේදී අපට ප‍්‍රත්‍යක්ෂ වන කරුණකි. ඒ වගේම තෙල් සායම මෙන්ම අයිවන් පීරිස් දිය සායම තුලින් ද ඇපුරු පෙළහරක් පා ඇති වග ඔහුගේ දිය සායම් චිත‍්‍ර මංජිරිය දෙස බැලීමේදී අපට පෙනීයන කරුණකි. අයිවන් පිරීස් මෙම චිත‍්‍ර වලදී අධිතාත්විිකවාදී කලා ලක්ෂණ ඇතැම්

අවස්ථා වල භාවිතා කල බව පෙනේ. අයිවර් පීරිස්ගේ දිය සායම් චිත‍්‍ර බොහොමයක් තේරුම් ගැනීමට පහසුවන අතර ගූඪ සිතුවිලි වලින් පෝෂණය වී ඇත. නිදර්ශන වශයෙන් ”අම්බලම” ”ක්ෂණිකව ඇතිවන වැස්ස” හා නම් නොකල බොහෝ දියසායම් චිත‍්‍ර රැුසක් මේ ඝනයට ඇතුලත් වේ. දියසායම් මාධ්‍යයෙහි ඇති විනිවිද දකින ස්වරූපය ගැන මනා වැටහීමක් අයිවන් පීරිස්ට තිබුණු වග මෙම චිත‍්‍ර මාලාව දෙස බැලීමේදී අපට සිතාගත හැකියි. ප‍්‍රධාන වේ. මෙයට අමතරව BEAUX ART GALLERY, THE PICEADILLY GALLER 1955 දී අයිවන් පීරිස් වෙරෝනිකා පෙරී සමඟ විවාහ වී දරුවන් සිව් දෙනෙකු ගේ පියෙකු වී 1988 පෙබරවාරි 13 වෙනි දින මේ ජගත් කීර්ති ධර චිත‍්‍ර ශිල්පියා අප අතරින් සඳහටම වෙන් වී ගියේය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා ”අයිවන් පිරිස් මියගිය දිනයේම ඔහු මිහිදන් කර ඇති බව” පවසයි. අයිවන් පිරීස්ගේ චිත‍්‍ර කලාව ගැන අගනා ග‍්‍රන්ථයක් වන IVAN PERIES PAINTINGS නමින් 1996 වර්ෂයේදී මහාචාර්ය සේනක බණ්ඩාරනායක සහ මානෙල් ෆොන්සේකා විසින් රචනා කර ඇති අතර එයින් ඔහුට ලංකා මාතාවගෙන් ලබා දෙන උපරිම ගෞරවය ලබා දී ඇත.

චන්දන රණවීර,
අලව්ව මහරච්චිමුල්ල කන්දේගෙදර මහ විදුහලේ
හිටපු චිත‍්‍ර උපදේශක,

advertistmentadvertistment
advertistmentadvertistment