ලෝකය ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක පවතී. සමහර ආගමික නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ඇතුළු ලෝකයේ අවසානය ගැන අනාවැකි කියන අය සිටී. නමුත් සියලුම ශ්‍රේෂ්ඨ ආගම් නායකයන් ජීවත්වූයේ ධනවාදී සමාජයක නොව වැඩවසම්, වහල් හෝ ගෝත්‍රික සමාජයකය. අද සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ධනේශ්වර ක්‍රමය පිළිබඳ විiාත්මක අවබෝධයක් අවශ්‍ය වන අතර මෙය ලෝකයට හඳුන්වා දුන්නේ කාල්මාක්ස් විසිනි. අතීතයේ පැවති වහල් සහ වැඩවසම් ශිෂ්ටාචාර බිඳවැටීමට තුඩු දුන්නේ කුඩා ප්‍රභූ සුලුතරයක්, සුපිරි ධනවතුන් විසින් අතිමහත් බහුතරයක් මනුෂ්‍ය වර්ගයා සූරාකෑම හේතුවෙන් ඇති වූ ගැටුම් බව මාක්ස්වාදීහු විද්‍යාත්මකව පෙන්වා දුන්හ. ධනේශ්වර ක්‍රමය ද කඩාවැටෙන බවත් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා එකම බලාපොරොත්තුව සමාජවාදී සමාජයක් තුළ සහජිවනයෙන් ජීවත්වීම බවත් ඔවුහු පෙන්වා දුන්හ. මෙය මිනිසුන් විසින් මිනිසුන් සූරාකෑමෙන් තොරව ප්‍රභූවරුන් සහ දුප්පත් අය ලෙස පන්ති ලෙස පදනම් වූ ක්‍රියාවලියකින් තොර සමාජ සංස්ථාවකි. ලංකා සම සමාජ පක්ෂය අපට හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාව සහ එහි සුන්දර ජීවිත බේරා ගැනීම සඳහා ක්‍රමානුකූලව පාලන තන්ත්‍රය ඉතිහාසය තුළ වෙනස්කර පෙන්වා ඇත.
1935දී ලංකා සම සමාජ පක්ෂය ආරම්භයේ සිට මැලේරියා වසංගතයට එරෙහිව සහ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස සඳහා සටනට නායකත්වය දුන්නේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ය. සම සමාජ පක්ෂය පමණක් තහනම් කර එහි නායකයන් වන ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින්, ආර්. ද සිල්වා වැනි අය සිරගත කරන ලදී. ධනේශ්වර සහ වැඩවසම් දේශපාලන නායකයන් 1948දී ලබාගත් සීමිත නිදහස ගැන සෑහීමකට පත් වූ අතර සම සමාජ පක්ෂය බි්‍රතාන්‍ය පාලනයෙන් ලංකාව ස්වෛරීභාවය ඇතුළත් පූර්ණ නිදහස සඳහා අරගලය දිගටම කරගෙන ගියේය. මෙය අවසානයේ සාක්ෂාත් කරගනු ලැබුවේ වසර 24කට පසුව 1970 සභාග ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ කොල්වින් ආර්. ද සිල්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වූ 1972 ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමත් සමගය. ඉන්පසුව ශ්‍රී ලංකාවට සම්පූර්ණ නිදහස ලබා ගැනීමට හැකි විය. (ගාන්ධි, නේරු සහ අම්බෙඩ්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට ස්වෛරීත්වය ලබා ගැනීමට ගත වූයේ වසර 3ක් පමණි.) රටවල් දෙකේම සැබෑ ජාතිකවාදීන් කවුද? සැබෑ අධිරාජ්‍ය විරෝධීන් කවුද යන්න මෙය හොඳ නිදසුනකි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහල් මිල 3 ගුණයකින් ඉහළ දමා දිළිඳු ජනතාව මත ආහාර අර්බුදයේ බර පටවන විට ඊට එරෙහිව ලංකා සම සමාජ පක්ෂය රට පුරා විරෝධතාවක් සංවිධානය කරන ලදී. එම හර්තාලයේදී එඩ්වින් ප්‍රමුඛ අපේ පක්ෂයේ සාමාජිකයන් 9 දෙනකුගේ ජීවිත අහිමි විය.
1935දී ලංකා සම සමාජ පක්ෂය විසින් ඉල්ලීම් 22ක් ඉදිරිපත් කළ අතර එයට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සහ සියලුම සේවකයන්ගේ සම්පූර්ණ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළත් වූ අතර ඒවා මහා වැඩවර්ජන සහ අනෙකුත් අරගල මගින් දිනාගන්නා ලදී. ලංකා සම සමාජ පක්ෂය රාජ්‍ය අංශයේ (රජයේ කම්කරු වෘත්තීය සමිති සම්මේලනය, GWTUF)
සහ පුද්ගලික අංශයේ (ලංකා කම්කරු සම්මේලනය, CFL) ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනඟන ලදී. ජීවන වැටුප් සහ අනෙකුත් කම්කරුවන්ගේ අයිතීන් සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සඳහා ඔවුහු වැඩවර්ජන සහ විරෝධතා පා ගමන් මෙහෙය වූහ. මේවා දැන් සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු දේශයේ කම්කරු නීතිවලට ඇතුළත් කර ඇත. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැවිලි කටයුතු අමාත්‍යවරයා වී රාජ්‍ය වැවිලි සංස්ථාව (SPC) පිහිටුවීමෙන් පසු බි්‍රතාන්‍යයට අයත් වතුකරය ජනසතු කරන ලද්දේ සම සමාජ පක්‍ෂයට මන්ත්‍රීවරුන් 95 දෙනකුගෙන් 19 දෙනකු සිටී 1970 සභාග අණ්ඩුවේය. ලංකා සම සමාජ පක්ෂයේ ලෙස්ලි ගුණවර්ධන මහතා ප්‍රවාහන අමාත්‍යවරයා වූ අතර අනිල් මුණසිංහ මහතාගේ සහයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ රාජ්‍ය බස් සේවය පිහිටු වූයේ මගීන්ට නිසි ලෙස සේවය නොකර මුදල් ඉපයීම ප්‍රධානතම අවශ්‍යතාව වූ පෞද්ගලික බස් සමාගම්වල ඒකාධිකාරය අවසන් කරමිනි. ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා ලෙස වත්මන් ජවිපෙ/ එන්පීපී මුදල් අමාත්‍යවරයා (2025 සඳහා රුපියල් බිලියන 2.2ක්) ඇතුළු අනෙකුත් සියලු දෙනා මෙන් හිඟ අයවැයක් නොව සමතුලිත අයවැයක් ඉදිරිපත් කළේය. දෙවැන්න දිගින් දිගටම විදේශ ණය ගැනීම්වලට යොමු වී ඇති අතර අපගේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84 දක්වා වැඩි වී ඇත. එන්. එම්. අපේ ඉතිහාසයේ පහළම මට්ටමට ණය ගැනීම අඩු කළේය. හෙක්ටර් කොබ්බෑකඩුව සමග එක්ව ආහාරවලින් ලංකාව ස්වයංපෝෂිත තත්ත්වයකට පත්කරන ලදී.
කිසිවකු බඩගින්නේ නොසිටින විසඳුම:
යුරෝපයේ සහ ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි දැන් බහුලව භාවිත වන “සහයෝගිතා ආර්ථික ක්‍රමය” ක්‍රියාත්මක කිරීම. ආයතනයේ හිමිකාරිත්වය සෑම තරාතිරමකම සේවකයන්ට පැවරී ඇති අතර, සමාගමකට හෝ ධනපතියකුට ආයතනයේ අයිතිය හිමි නොවේ. සේවකයන් ආයතනය කළමනාකරණය කරයි. ඔවුන්ගේ වැටුප්වලට අමතරව සේවකයන්ට ලාභයෙන් සමාන කොටස් හිමි වේ. රාජ්‍ය බැංකු අඩු පොලී ණය ලබා දෙයි. මෙය ආයතනයේ වැඩි ලාභයක් ලබා ගැනීමට හේතුවී ඇති අතර අකාර්යක්‍ෂමතාවය හා සොරකම් නතර වී ඇත. (ඉන්දියාවේ තේ ඉඩම්)
(4) කෘෂිකර්මය, රජයේ සහ පෞද්ගලික ණය, විදේශ හා දේශීය ණය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත. ඩොලර් බිලියන 52ක් වූ විදේශ ණය ප්‍රමාණය බිලියන 84ක් දක්වා ඉහළ ගොස් රට බංකොලොත් වී ඇත. රනිල් වික්‍රමසිංහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට එකඟ වී තවත් ණය ලබාගෙන අපේ ණය වැඩි කළා. ඔහු වසර 5ක තහනමක් (ණය සහ පොලී ආපසු ගෙවීමේ ප්‍රමාදය) ලබාගත් අතර, එය වත්මන් NPP/JVP රජය ප්‍රයෝජන ගනිමින් තවදුරටත් ණය ලබා ගැනීම සඳහා සිටින්නේ අපගේ ණය තවත් වැඩි කරමිනි. ඊළඟ ආණ්ඩුවට තමයි ණය පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ. ගොවීන් වෙළෙඳුන්ට සහ මෝල් හිමියන්ට විශාල වශයෙන් ණයවී සිටිති. මේ නිසා සියදිවි නසා ගැනීම් වැඩි වී ඇත.
සියලු වර්ගවල කෘෂිකර්මාන්තය සඳහා මහ බැංකුවේ වෙනම අරමුදලක් ඇත. 7%වැනි අඩු පොලියකට ග්‍රාමීය බැංකුවලින් වගා ගොවීන්ට සහ ගොවි සංවිධානවලට ලබාගත හැකිය. අස්වැන්න විකිණීමෙන් පසු ආපසු ගෙවීම සිදු කළ හැකිය. ණය නියමිත වේලාවට ලබා ගැනීමට හැකි වන පරිදි සියලුම ගොවි සංවිධාන දැනුවත් කිරීමට සම සමාජ නියෝජිතයෝ සහතික වෙති. ග්‍රාමීය ව්‍යාපාර සඳහා විදාතා මධ්‍යස්ථාන හරහා ඉදිරිපත් කරන්නේ නම් ඇප රහිතව අඩු පොලී ණයක් මහජන බැංකුවෙන් ලබාදීමට කටයුතු කෙරේ. ගෘහස්ත අපද්‍රව්‍ය උපරිම ලෙස භාවිත කරමින් රසායනික කෘෂිකර්මාන්තයෙන් කාබනික ගොවිතැනට (ස්වහ දහම් ගොවිතැන) ක්‍රමානුකූලව මාරු විය යුතුය. මෝල් හිමියන්ගේ මාෆියාවේ සූරාකෑම අවසන් කරන්න, කුඩා සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමට සහාය වීම.
(5) රජයේ රෝහල්වල ඖෂධවල උග්‍ර හිඟය
රජයේ රෝහල්වල සහ සායනවල ඖෂධ නොමැතිකම නිසා දුප්පත් රෝගීන්ට පෞද්ගලික ඔසු සල්වලින් මෙම ඖෂධ මිලදී ගැනීමට සිදු වේ. ඉතා ඉහළ මිලක් ගෙවා ඖෂධ ලබා ගැනීමට නොහැකිව ඔවුන් රෝගාතුර වී අකාලයේ මිය යයි. මේවා වාර්තා නොවන නමුත් ඇස්තමේන්තුවලට අනුව මාසිකව දහස් ගණනක් මිය යයි.
සම සමාජ පක්ෂය 1970/75 සභාග ආණ්ඩුවේ සිටියදී සම සමාජ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයාව සිටියදී ඔහු මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ නියාමන ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළේය. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රායෝගිකව සැම රෝගයකටම ඖෂධ රජයේ සියලුම රෝහල්වලින් නොමිලේ ලබාදීමයි. ඔසුසල කොළඹ පිහිටෙව්වා. මිල අඩු කිරීම සහ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා පුද්ගලික අංශය සමග තරග කිරීම සඳහා වෙනත් ප්‍රදේශවල ඔසුසල පිහිටුවන ලදී. සම සමාජ ආණ්ඩුවක් තුළින් නැවත (සේනක බිබිලේ ඖෂධ නියාමන ප්‍රතිපත්තිය) නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
(6) ශ්‍රී ලංකාවට ඍජු ඇමරිකානු තර්ජනයක්
යුධ නැව් 100කට ආසන්න ප්‍රමාණයකට සේවා සැපැයීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන හමුදා කඳවුර බවට පත්කිරීමේ දැඩි අවශ්‍යතාවයක් එක්සත් ජනපදයට තිබේ. මොරිෂස් රටට අයත් දියාගෝ ගාෂරීයා දූපතේ පිහිටි එහි කඳවුර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) තීන්දුවක් මත පසුගිය වසර අවසානය වනවිට එය ආපසු ලබාදිය යුතුය. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවය මත භාවිත කිරීමට ඉඩ සලසා දීම සඳහා එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කිරීමට රනිල් වික්‍රමසිංහ එකඟ වූ නමුත් මහ මැතිවරණයකදී ඔහුට ජනවරමක් නොතිබූ නිසා ඔහුට නොහැකි විය. VVP/NPP රජය කිසිදු තත්ත්වයක් යටතේවත් SOFA ගිවිසුම අත්සන් නොකළ යුතු අතර එමගින් රේගු පරීක්ෂණයකින් තොරව ඕනෑම ආයුධයක් ගෙන ඒමට සහ අපගේ සියලුම වරායන් භාවිත කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට ඉඩ සලසයි. ජපානයේ ඔකිනාවා හි මෙන් එක්සත් ජනපද සොල්දාදුවන්ගෙන් ස්ත්‍රී දූෂණයෙන් හා මිනීමැරීමෙන් පවා ගැලවිය නොහැකිය. MCC ගිවිසුම මගින් ශ්‍රී ලංකා ආර්ථිකය පාලනය කිරීමට USA බහුජාතික සමාගම්වලට ඉඩ ලබාදේ. ශ්‍රී ලංකාව නැවත වරක් යටත් විජිතයක් වනු ඇත.
කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව රටට හානිකර ගිවිසුම් දෙක අත්සන් නොකළ යුතු අතර එසේ කිරීමට කිසිදු රජයකට ඉඩ ලබා නොදීම සමසමාජ පක්‍ෂයේ ද ස්ථාවරයයි.
වර්තමාන අත්දැකීම් අනුව වර්තමාන රජය ද පෙර පැවති ඇතැම් ආණ්ඩු මෙන්ම NPP/JVP රජය ද වැරදි මතවාද පතුරුවමින් සිටී. 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප/ ලසසප ප්‍රමුඛ වාම කේන්ද්‍ර සභාග රජය ඉන්දීය රජය සමග සමාන කොන්දේසි යටතේ කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෑම අවස්ථාවකදීම අභියෝග කරන ලදී. මේ ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් පිළිබඳව ඇති කරගන්නා ලද ගිවිසුම් අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සමඟ කිසිදු මට්ටමකින් සාකච්ඡාවක් සිදු නොකර ඇති අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු මහ ජනතාව පවා දැනුවත් කර නොමැත. මුද්‍රිත මාධ්‍යවල පළ වී ඇති දේ භයානකය. උදාහරණයක් ලෙස ඖෂධ මිලදී ගැනීම එක් විදේශ ඖෂධ සමාගමකට ලබාදීමට නියමිතය. අපගේ සියලු දත්ත ඇති එක් විදේශ සමාගමකින් සියලුම ඩිජිටල්කරණය සිදුකළ යුතුය. විදුලිබල ජාලයේ පාලනය ද විදේශයක පාලනයකට නතුවනු ඇත. ආරක්ෂක ගිවිසුම, නොදන්නා නියමයන් (‘ඩේලි මිරර්’ 2025 අප්‍රේල් 8 අඟහරුවාදා) උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි සිදුවිය හැකි නොවේද? මාධ්‍යවල සඳහන් ආකාරයට අත්තනෝමතිකව කිසිදු විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන් නොකළ යුතුව තිබුණි. එය අත්සන් කර ඇත්නම් එය ප්‍රසිද්ධියට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එවිට එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ හැකියි. එහිදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බැවින් ප්‍රතික්ෂේප කිරීමේ උත්තරීතර වගකීම අධිකරණය හමුවේ තිබේ. එසේ සිදු නොකරන්නේ නම් ආණ්ඩුව තව දුරටත් බලයේ සිටීමේ තේරුමක් ඇත්ද?
මහාචාර්ය තිස්ස විතාරණ
නායක ලංකා සම සමාජ පක්ෂයේ නායක