වර්ෂාව පන්දු ඕවර 52 ක් ගිලදමයි

164

ශී‍්‍ර ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය තෙවැනි දිනය

දහවල් එකට පමණ ඇද හැලෙන්නට ගත් වර්ෂාව සවස තුන පමණ වන විට නැවතී තිබුණ ද ඉන් කී‍්‍රඩා පිටියට ඇතිව තිබූ අහිතකර බලපෑම මත ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තවදුරටත් තෙවැනි දිනයේ තරගය පැවැත්වීමට නොහැකි බව විනිසුරුවරුන් තීරණය කරන විට කොදෙව් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 162ක් පසුපසින් සිටියහ.

එක් කඩුල්ලක් අතැතිව ලකුණු 162ක් පසුපසින් සිටින කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඊයේ (23 දා) නොදැවී සිටි පිතිකරුවා වූයේ කඩුලූ රකින ජෝසුවා ද සිල්වා වූ අතර අංක 11 පිතිකරු ලෙස ෂෙනොල් ගේ‍්‍රබියල් අද

(24 දා) උදෑසන පිටියට පැමිණීමට නියමිතව සිටියි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 386ට පිළිතුරු ලෙස දෙවැනි දින වූ පෙරේදා (22 දා) තරගය නිමා කරන විට කඩුලූ 6ක් ලකුණු 113කට දැවී ගොස් කොදෙව් කණ්ඩායම වෙතින් ඊයේ සැලකිය යුතු දස්කම් ප‍්‍රදර්ශන විණි.

එහිදී කඩුලූ රකින කී‍්‍රඩක ජෝසුවා ද සිල්වා සමග එකතු වූ රකීම් කොන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් පිහිටුවීමත් සමග කොදෙව් ලකුණු සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගිය අතර තරගය ඊයේ දිනයට නතර කරන විට ඔවුහු කඩුලූ 9ක් දැවී ලකුණු 224ක් රැුස් කර ගෙන සිටියහ.

ලකුණු 100 දී 6 වැනි කඩුල්ල ද බිඳවැටි අසරණ තත්ත්වයට පත්ව සිටි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරගයේ වැඩිම කඩුලූ සබඳතාවය 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කිරීමට ජේසන් හෝල්ඩර් සහ කයිල් මේයර්ස් සමත් වූයේ ලකුණු 63ක් දෙදෙනාගේ සබඳතාවයෙන් වාර්තා කරමිනි.

කයිල් මේයර්ස් ඊයේ දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූ අතර දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට උඩ පන්දු රැුකීම හේතුවෙන් මේයර්ස්ට එම ඉරණම අත්විය. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර ප‍්‍රවීන් ජයවික‍්‍රමට තෙවැනි කඩුල්ල හිමි කර දෙමින් ජේසන් හෝල්ඩර් ලකුණු 36කට දැවී ගියේය.

ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නෙකුට තරගයේ හිමි වූ එකම කඩුල්ල ලෙසින් රකීම් කෝන්වෝල්ගේ කඩුල්ල දවා ගැනීමට සුරංග ලක්මාල් තරගයේ 80 වැනි පන්දුවාරයේදී සමත් වූ අතර ඉන්පසුව කී‍්‍රඩාගංණයට වර්ෂාව පතිත වීම ආරම්භ විය.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී පන්දුවාර 52ක් පමණ අපතේ ගිය අතර අද (24 දා) සහ හෙට (25 දා) ඒ අනුව නියමිත වේලාවට විනාඩි 15කට පෙර එනම් උදෑසන 9.45ට තරගය ආරම්භ වීමට නියමිතය.

අද (24 වැනිදා) තරගයේ 4 වැනි දිනයයි.

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකාව පළමුව ඉනිම 386යි

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම

ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් ඇ. නිශ්ශංක ප. මෙන්ඩිස් 41

ජර්මේන් බ්ලැක්වුඞ් ක. මු. ක. ප. ඇඹුල්දෙනිය 20

ක්රූමා බුනර් ඇ. ද සිල්වා ප. ජයවික‍්‍රම 01

ෂයි හෝප් ඇ. ඕෂධ ප. මෙන්ඩිස් 10

රොස්ටන් චේස් ඇ. ඕෂධ ප. මෙන්ඩිස් 02

ජොමෙල් වැරිකන් ඇ. චන්දිමාල් ප. ජයවික‍්‍රම 01

කයිල් මේයර්ස් ඇ. දිමුත් ප. ද සිල්වා 45

ජේසන් හෝල්ඩර් ඇ. චමීර ප. ජයවික‍්‍රම 36

ජොසුවා ද සල්වා නොදැවී 11

රකීම් කෝන්වෝල් ඇ. රමේෂ් ප. ලක්මාල් 39

අතිරේක 18

පන්දුවාර 80කදී කඩුලූ 9ක් දැවී ලකුණු 224

කඩුලූ වැටීම

1-46, 2-51, 3-80, 4-83, 5-86, 6-100, 7-163, 8-175, 9-224

පන්දු යැවීම

සුරංග ලක්මාල් 6-1-10-1, දුෂ්මන්ත චමීර 8-0-14-0

ලසිත් ඇඹුල්දෙනිය 29-10-63-1, ප‍්‍රවීන් ජයවික‍්‍රම 17-6-38-3

රමේෂ් මෙන්ඩිස් 17-1-75-3, ධනංජය ද සිල්වා 3-0-11-1

advertistmentadvertistment