වරායේ හිරවුණු කන්ටේනර් මුදා ගන්න මහ බැංකුව එක් ඩොලරයක්වත් මුදා හැර නෑ – ආනයනකරුවන්ගේ සංගමය

185

වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව ඊයේ (27 දා) වන විට එක ඩොලරයක්වත් මුදාහැර තිබුණේ නැතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මේ වන විට වරායේ සිරවී තිබෙන කන්ටේනර්වලින් සියයට දහයක් පමණ නිදහස් කරගන්නේ ඒ ඒ වාණිජ්‍ය බැංකුවලින් ලබාදෙන ඩොලර් ප‍්‍රමාණය භාවිත කරමින් යැයි ද ඒ මහතා කීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු මෙරට කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම දෛනික ක‍්‍රියාවලියක් බවත් වරායේ කන්ටේනර් දාහක් එක්දහස් පන්සියයක් සිර වූ පසු ඩොලර් කිහිපයක් මුදාහැරීමෙන් ප‍්‍රශ්නය නොවිසඳෙන බැවින් නිසි ක‍්‍රමවේදයක් සකසන ලෙසද සෙනවිරත්න මහතා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

වරායේ සිර වී තිබෙන කන්ටේනර්වලින් සියයට දහසක් නිදහස් කරගන්නා විට ඒ හිඩැස පුරවමින් අලූත් කන්ටේනර් ප‍්‍රමාණයක් ගොඩගැසෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment