වලපනේ, කූඹල්ගමුව, තැන්නහේන්වල, උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහළොවක් පමණ දිග දැවැන්ත පිඹුරකු ඉකුත් 08 වැනිදා දහවල් සිය ජීවිතය ද පරදුවට තබා අල්ලා ගැනීමට වලපනේ මූලස්ථාන පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක අඹගස්පිටිය මහතා සමත් වූ බව වලපනේ පොලිසිය පවසයි.
මෙම උල්මොල්ලිය වෙල්යායේ දැවැන්ත පිඹුරකු සැරිසරමින් සිටින බවත් එම දැවැන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජීවිතවලට අනතුරක් වීමට ඉඩ ඇති බවත් පවසමින් බියට පත් වූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම දැවැන්ත පිඹුරා පිළිබඳව වලපනේ මූලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී වලපනේ පොලිසිය දැනුවත් කර ඇත.
එම අවස්ථාවේ වලපනේ මූලස්ථාන පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටි අඹගස්පිටිය මහතා වහාම ක‍්‍රියාත්මක වී තවත් පොලිස් නිලධාරියකු සමග දැවන්ත පිඹුරා අතින් අල්ලා ගෙන පොහොර මල්ලකට දමා වලපනේ කිර්තිබණ්ඩාරපුර වනජීවි කාර්යාලයට දන්වා ඇත.
වලපනේ අරුණ ඩයස්