වල් ඌරෝ නල්ලතන්නිය පාර පුරා: – ජනතාව බියට පත්වෙලා

888

මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වීමත් සමග නල්ලතන්නිය නගරයේ දිවා කාලයේ වල්ඌරන් රංචු පිටින් ගැවසීම නිසා පාසල් ළමයින් හා කාන්තාවන් බියකින් පසුවෙති.

මෙම වල් ඌරු රංචු රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේ ද නගරයේ හා නල්ලතන්නිය ගම්මානයේ නිවාස අසලට ද ආහාර සොයා පැමිණෙන බවත්, ඇතැම් අවස්ථාවල පහර දීමට සැරසෙන බවත් නල්ලතන්නිය නගරවාසීහු පවසති.

වල් ඌරෝ නල්ලතන්නිය පාර පුරා: - ජනතාව බියට පත්වෙලා

නගරයේ ඇතැම් පුද්ගලයන් පුරුද්දක් ලෙස මෙම ඌරන් රංචුව සඳහා ආහාර ලබාදීම නිසා දිනපතා මෙසේ පැමිණෙන බව නගරවාසීන් පැවසූහ.

ප්‍රදේශීය පාසල් ළමයින් උදෑසන පාසල් කරා ගමන් කරන අවස්ථාවේ ඌරු රංචු ගැවසීම නිසා ඇතැම් අවස්ථාවල තම ළමයින් ඌරන්ට බියෙන් පාසල් නොගොස් නැවත නිවෙස් කරා පැමිණෙන බව එම ළමයින්ගේ දෙමව්පියන් පැවසූහ.

පැටවුන් සහිත මෙම ඌරු රංචුවේ ඌරන් 20ක් පමණ සිටින අයුරු දක්නට ලැබේ.

නල්ලතන්නිය නගරයේ, පොලිසිය ඉදිරිපිට වල් ඌරු රංචුවක් ගැවසෙන අයුරු ඡායාරූප ඒවා ඇත.

සටහන හා ඡායාරූප මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment