වලානෙන් ගිහින් සෙල්ලකතරගම පස් ජාවාරම්කරුවන් අල්ලයි…. දිනකට පස් කියුබ් 40 ක් කපලා

396

සෙල්ලකතරගම ප‍්‍රදේශයේ පරිමාණයෙන් නීති විරෝධී අන්දමින් සිදුකළ මහා පරිමාණ පස් කැපීමේ ජාවාරමක් වටලා පුද්ගලයන් සිව්දෙනකු ලොරි රථ 2 ක්, බැකෝ යන්ත‍්‍රයක් සමග අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය කියයි.

 අත්අඩංගුවට පත්ව ඇත්තේ, සෙල්ල කතරගම, වල්ලිමාලේ, අඹවත්ත ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඉඩමේ හිමිකරු සහ 26, 40 සහ 42 හැවිරිදි ඇති පුද්ගලයන් බව පොලිසිය කීය.

වලානෙන් ගිහින් සෙල්ලකතරගම පස් ජාවාරම්කරුවන් අල්ලයි.... දිනකට පස් කියුබ් 40 ක් කපලා



 බුද්ධි තොරතුරක් මත ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායම ජාවාරම සිදු කරන ප‍්‍රදේශය වටලන විට සැකකරුවන් බැකෝ යන්ත‍්‍රයෙන් ලොරිවලට පස් පටවමින් සිට ඇතැයි වැටලීමට වූ පොලිස් නිලධාරියකු පැවැසීය.

 දිනකට පස් කියුබ් 40 ට ආසන්න ප‍්‍රමාණයක් මෙසේ නීති විරෝධීව කැපීම සිදුකරන බවට හෙළිව ඇතැයි පොලිසිය කියයි.

 සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ සමගින් කතරගම පොලිසියට භාරදී තිබේ.

 වලාන මධ්‍යම දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප‍්‍ර:පො:ප: සිරිවර්ධන, පො:ප: චතුර සම්පත් සැරයන් වරුන්වන ජයරත්න (42520*, බටුවත්ත (1445*, කොස්තාපල්වරුන් වන රත්නායක (76829*, විජයරත්න (409*, සෙනෙවිරත්න (92907*, කසුන් (92909*, පෙරේරා (92891*, පොසැරි අජිත් (11909* වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment