වවුනියාවේ දී බුද්ධි අංශ නිලධාරියෙකුට පහරදී පළාගිය තරුණයෝ දෙදෙනෙක් කඩුත් සමග දැලේ

787

වවුනියාවේ වෛරවපුලියන්කුලම ප්‍රදේශයේදී බුද්ධි අංශ නිලධාරියෙකුව කඩුවලින් කැපීමට සූදානම් වූ කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කඩු දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වෛරවපුලියන්කුලම යංග් ස්ටාර් ක්‍රීඩාංගණය අසලට යතුරු පැදි වලින් පැමිණි තරුණයින් පිරිසක් එම ස්ථානයේ සිටි තරුණයෙකු කඩු වලින් කැපීමට උත්සාහ කළ අවස්ථාවේදී රාජකාරී කටයුත්තකට එම ස්ථානයට ගොස් සිටි බුද්ධි අංශ නිලධාරියා එය වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව කඩුවලින් කැපීමට තරුණයින් පිරිස උත්සාහ කොට තිබේ.

තමන් බුද්ධි අංශ නිලධාරියෙකු බව ප්‍රකාශ කිරීමෙන් පසුව එම තරුණයින් බුද්ධි අංශ නිලධාරියාට පහර දී පලා ගොස් තිබේ. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් වවුනියාවේ පළාත් දෙකකදී කළ සෝදිසි මෙහෙයුමකින් පසුව කඩු දෙකක් සමග තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ. එම තරුණයින් දෙදෙනා හා කඩු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වවුනියාව පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment