වවුනියාවේ ප්ලේන්ටියක් රු. 40 ට නැගලා

93

රජය විසින් රුපියල් 130 කට මිල නියම කරන ලද සීනි මිලට ගැනීම සඳහා වවුනියාවේ සතොස හා සමුපකාර සමිතිවල අලෙවි සැල් ඉදිරිපිට පාරිභෝගිකයින් විශාල ලෙස රැස්කකා පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි. ලැබී ඇති සීනි තොග සීමා සහිත බැවින් එක් පාරිභෝගිකයකු වෙත එක් සීනි කිලෝවක් පමණක් නිකුත් කෙරුණු අතර 6 දා සිට අවශ්‍ය ප‍්‍රමාණයට පාරිභෝගිකයන්ට සීනි තොග ලබාදෙන බව සතොස කළමනාකරුවෝ කියා සිටියහ. ගත වූ දින කිහිපය තුළ සීනි ඉහළ යෑමත් සමගම උතුරේ බොහෝ පළාත්වල විශාල වශයෙන් සීනි හිඟයක් දක්නට ලැබුණි. මේ අතර සීනි මිල ඉහළ යෑම නිසා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන වවුනියාවේ රාජ්‍ය ආයතනවල ආපන ශාලාවල මීට පෙර රුපියල් 20 කට අලෙවි වූ තේ කෝප්පයක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment