වවුනියාවේ මැතිවරණ පෝස්ටර් දසදහසක් පොලිසිය සහ නගරසභාව එක්ව ඉවත් කරයි

77

මැතිවරණ ඉතිහාසයේ වැඩිම පෝස්ටර් සංඛ්‍යාව වවුනියාවෙන්

මැතිවරණ ඉතිහාසයේ වවුනියාව ප්‍රදේශයේ වැඩිම පෝස්ටර් සංඛ්‍යාවක් ඉවත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව වවුනියාව මූලස්ථාන පොලිසිය පෙරේදා (18 දා) පැවසීය. වවුනියාව පොලිසිය, නගර සභාව හා තවත් කුලීකරුවන් විසින් වවුනියාවේ අලවා තිබූ පෝස්ටර් දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කෙරෙන දිනයේදී පමණක් ගළවා තිබේ.

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් දිනයේ සිට මේ දක්වා වවුනියාව ප්‍රදේශයේ අලවා තිබූ පෝස්ටර් 25000 කට වඩා වැඩි ප්‍රමාණයක් පොලිසියේ මැදිහත් වීම මත ගලවා ඉවත් කොට තිබේ. මේ අතර වවුනියාව නගාර්යේ සැරිසරන එළුවන් හා ගවයන්ද පෝස්ටර් විශාල ප්‍රමාණයක් කා දමා තිබේ. බොහෝ අපේක්ෂකයෝ වවුනියාවේ තැනින් තැන අලවා තිබූ වාණිජ පෝස්ටර් මත දේශපාලන පෝස්ටර් අලවා තිබීම නිසා දේශපාලන පෝස්ටර් ඉවත් කරන විට වාණිජ පෝස්ටර්ද විශාල සංඛ්‍යාවක් ඉවත් වී ගොස් තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment