වවුනියාවේ වී තොග ගබඩා දෙකකට සීල්

176

බලපත‍්‍රයක් නොමැතිව වවුනියාවේ වී තොග ගබඩා කොට තිබූ ස්ථාන දෙකක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.

පෞද්ගලික වෙළෙන්දන් විසින් වවුනියාව හොරොව්පතාන පාරේ පවත්වා ගෙන ගිය එක් වී ගබඩාවක්ද තාණ්ඩික්කුලම ප‍්‍රදේශයේ තවත් වී ගබඩාවක්ද සොයා ගෙන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් ඒවාට මුද්‍රා තබා තිබේ.

මෙම වී ගබඩා දෙකේ වී කිලෝ ග‍්‍රෑම් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර බලපත‍්‍රයක් නොමැතිව වී තොග ගබඩා කළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment