වවුනියාව මහ රෝහලේ හෙදියක් සිය නිවසේදී ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී ඇගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් 07දා සොයාගෙන තිබේ.
නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී ඇය මෙසේ සියදිවි හානි කරගෙන තිබේ. වවුනියව මහ රෝහලේ සේවය කරන 39 හැවිරිදි පී. ලොයිනී නැමති හෙදිය මෙලෙස මියගොස් තිබේ. දෙදරු මවක වන එම හෙදියගේ ස්වාමියා වසර 13 ක් තිස්සේම ඕස්ටේ්‍රලියාවේ පදිංචි අයෙකු වන අතර ඔහු වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන අයෙකු බව ඊච්චන්කුලම පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. ඔහුද මෙම සිද්ධිය සිදුවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිට ඇත. කෙසේ වෙතත් හෙදිය සියදිවි හානි කර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇගේ මෘත දේශය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඊච්චන්කුලම පොලිසිය විසින් වවුනියාව මහ රෝහල වෙත බාරදී මෙම සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ