වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා…

240

ගම්පහ පරාක‍්‍රම ජාතික විදුහලේ ප‍්‍රාථමික සිසුන් ඊයේ (25 දා) පාසලට පැමිණීමේදී ප‍්‍රධාන දොරටුව අභියසදී විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහතාට ආචාර කළ අයුරු සහ අසනීප තත්ත්වයේ පසුවන ගුරුමාතාවක් පාසලට පැමිණි අයුරු මෙසේ ‘දිවයින’ කැමරා ඇසට ලක්විය. පිංතූරය – නිමල් දයාරත්න

වර්ජන එපා දරුවන්ට උගන්වන්න – අනූෂා දමයන්ති

වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා...

අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ ළමයිගෙ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගැනීමට වර්ජනවලට සහභාගි නොවී අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කරන්න කියලා. ඇත්තෙන්ම ගුරු වර්ජන නිසා අපේ ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනයත් අහිමි වුණා. අපි ඉල්ලා හිටන්නේ ගුරුවරුන් දරුවන් ගැන හිතලා කටයුතු කරන්න කියලා.

නාත්තන්ඩිය ධම්මිස්සර පාසලෙන් ඇසෙන කතා

අමරනන්ද විජේසේකර – මහවැව

සතර දිසා ජය ගන්නට… ඔන්ලනුත් නැතිව හිටියේ හරි පීඩනයෙන් – දිලේකා දුලාංජලී

වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා...


ඇත්තෙන්ම අපි ගොඩක් සතුටු වෙනවා පාසල් එන්න ලැබීම ගැන. ඔන්ලයින් ක්ලාස් නැතිව අපි නිවසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන
 යාමට නොහැකිව ගොඩක් පීඩනයෙන් තමයි හිටියෙ. අද දින අපිට පාසල් ඒමට කටයුතු කිරීම ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා.


අද හරිම සතුටු දවසක්… පාසැල් දරුවන් ළමයින් සමග සිටීමට ලැබීම විශාල මානසික සතුටක් – ගුරුවරු කියති

වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා...

වසර එක හමාරකට පසුව ඊයේ (25දා) දිවයිනේ සියළුම පාසල්වල ප‍්‍රාථමික අංශ විවෘත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව හැටන් අධ්‍යාපන කලාපයට අයත් සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය පාසල් 134 ක් ඊයේ දින විවෘත කළ බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

ඊයේ දින පාසල් ළමයින් දැඩි උනන්දුවකින් පාසල් වෙත පැමිණෙන අයුරු දක්නට ලැබිණි. මෙහිදී සිසු සිසුවියන් අප සමග කියා සිටියේ, අද දින පාසල් ආරම්භ කිරීම ගැන තමන් දැඩි සතුටට පත්වන බවත්, දීර්ඝ නිවාඩු කාලයක් ගත කිරීම නිසා තමන්ගේ අධ්‍යාපන හා ක‍්‍රීඩා කටයුතු නිසි ලෙස කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි මානසික පීඩනයකින් පසුවූ බවත්ය. මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් ගුරුවරුන් අප සමග කියා සිටියේ වසර එක හමාරකට පසුව සජීවීව ළමයින් සමග සිටීමට ලැබීම විශාල මානසික සතුටක් බවත්, ඉදිරියේදී ළමයින්ගේ අධ්‍යාපන කටයුතකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ගුරු හා විදුහල්පතිවරුන්ගේ ගැටළු සඳහා රජය තවමත් විසඳුමක් ලබා නොදීම නිසා නොවිසඳුණු එම ගැටළුවලට කඩිනමින් රජය විසඳුමක් ලබා දෙනු ඇතියි තම අපේක්ෂාව බවද මෙහිදී අදහස් දක්වමින් ගුරුවරු වැඩිදුරටත් පැවසූහ.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

අලව්ව රතනාලංකාරෙ

වසංගතයේ අදුර බිදින්නට හිරු තව දවසක් ගෙනවිල්ලා...

කොවිඞ් ආසාදිත තත්ත්වය මත වසා දැමූ පාසල් වල ප‍්‍රාථමික අංශ ආරම්භ වූ ඊයේ (25දා* අලව්ව ප‍්‍රදේශයේ පාසල්වල ප‍්‍රාථමික අංශ සිසු දරු දැරියන් හා දෙමාපියන් ඉතා උනන්දුවෙන් පාසල් වෙත පැමිණි අතර අලව්ව රතනාලංකාර මහ විද්‍යාලයේ ප‍්‍රාථමික සිසු දරුවන් පාසල වෙත පැමිණෙන අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.

මහරච්චිමුල්ල – සිසිර සරත් අබේකොන්
 

advertistmentadvertistment
advertistmentadvertistment