වසංගතයේ ඩෙල්ටා ප‍්‍රහාරය අදට වඩා හෙට තීරණාත්මකයි

112

ඇත්තෙන්ම මාස 22කට පමණ පෙර ලොව පළමුවරට කොරෝනා ආසාදිතයන් වාර්තා වූ චීනයේ වුහාන් නගරයෙන්  පසුගිය සතියේදී නැවතත් ආසාදිතයන් හමුවීම විශේෂ සිද්ධියකි. මේ ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදයෙනි. කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ වූහාන් නගරය යි. වූහාන් නගරයේ සම්පූර්ණ ජනගහනය මිලියන 11ක් පමණ වන මේ සියලූ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට චීන බලධාරීන් තීරණය කර ඇත. චීනයේ බිලියනයකට අධික ජනගහනයකට එන්නත ලබා දී තිබුණද දැන් නගර 27කින් රෝගීන් හමුව තිබේ. ඇමෙරිකාවේ ජනගහනයෙන් 50% එන්නත් කර තිබුනද යළිත් රෝගීන් වාර්තාවීම 148%කින් ඉහළ ගොස් තිබේ.

 ‘‘අපගේ ලෝකය අසාර්ථක වෙමින් පවතිනවා. ගෝලීය ප‍්‍රජාව ලෙස අප අසමත් වෙලා තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා තිබුණේ කවර හේතුව නිසා ද? කොරෝනා එන්නත නිසි ලෙස බෙදී නොයෑම ගැන කනගාටුවෙනි. කොරෝනා මර්දන එන්නත් නිකුත් වූ වහාම එහි සැපයුම් අත්පත් කර ගැනීමට ඇතැම් බලවත් රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් තරග වදින්නට පටන් ගත්හ. මෙම ‘‘එන්නත් ජාතිකවාදය’’ නිසා දිළිඳු රාජ්‍යයන් පෝලිමේ පසුපසට තල්ලූ කෙරිණ. මේ සියලූ බාධක අපහසුතා මැද සිදුකරන ලංකාවේ එන්නත්කරණය ගැන ටෙඞ්රෝස් ඇඞ්හානම් ගෙබි‍්‍රයේසස් සතුටුවේ. ඒ ගැන ඔහු ට්විටර් පණිවුඩයක්ද නිකුත් කරමින් ලංකාවේ රජයට හා ජනතාවට ස්තුති කර තිබිණි.

 ඇත්තෙන්ම ලංකාවේ එන්නත්කරණය සාර්ථකව සිදු කිරීමට හැකිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම නිසාය. සමහර විපක්ෂ කණ්ඩායම් හා මුහුණු පොතේ පඬියන් ප‍්‍රකාශ කළේ ලංකාවට එන්නත් ලබා ගැනීමටත් මාස ගණනාවක් බලා සිටින්නට සිදුවනු ඇති බවයි. එන්නත නොමැතිව රට අරාජික වීම දැකීම ඔවුනගේ කුරිරු ප‍්‍රාර්ථනය විය. එය සාර්ථක නොවූ නිසා තක්කඩි වර්ජන උද්ඝෝෂණ ක‍්‍රියාත්මක විය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී The Economist Intelligence Unit (EIU)  පැවසුවේ දියුණු ආර්ථිකයක් සහිත රටවල සිටින වැඩිහිටි පරම්පරාව සම්පූර්ණයෙන් එන්නත් කිරීම 2022 වසරේ මැද භාගය වන විට හමාර කළ හැකිවනු ඇති බවය. මැදි ආදායම් සහිත රටවලට මෙම ඉලක්කය සපුරාගත හැකි වන්නේ 2022 අග භාගයේ හෝ 2023 මුල් භාගයේදී ය. ලොව දිළිඳු රටවල් 2024 තෙක් බලා සිටිය යුතු වේ. එය ද සපුරාගත හැකි වන්නේ එම රටවල මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් දියත් කිරීමක් සිදු වුවහොත් පමණි. ආර්ථික බුද්ධි ඒකකය කවරක් කීවද මේ ලංකා දුපතේ කෝටියකට එන්නත් එකක් හෝ දී අවසන් වූයේ පසුගිය සතියේය. ‘‘එන්නත් ජාතිකවාදය’’ බරපතළ ලෙස ක‍්‍රියාත්මක වෙද්දී අප රට මේ ලබාගත් ප‍්‍රගතිය ගැන සැබවින්ම සතුටුවිය යුතුය. ‘‘එන්නත් ජාතිකවාදය’’ යන යෙදුම භාවිත වන්නේ, එන්නත් සැපයුම තම ජනතාව වෙනුවෙන් වෙන්කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක‍්‍රියා කිරීම හැඳින්වීමට ය.

 එහෙත් යළි වසංගතය ලංකාවේ මෙන්ම ලොව පුරාම හිස ඔසවමින් පවතී. දරුවන්ගේ ගෙල සිර කළ ස්ටාලින් රට පුරා පෙළපාලි සංවිධානය කර ‘‘ගුරු කුම්බමෙලා’’ පවත්වන අයුරු පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. ඉන්දියාවේ දෙවන රැල්ල ආරම්භ වූයේද උත්තරාඛාන්ඞ් හි පැවති ‘‘කුම්බමෙලාව’’ නිසාය. දැනට වාර්තා වන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව මෙන් තවත් හතර පස් ගුණයක් සමාජයේ සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියන නමුත් ඔහුද නොපැකිලව වර්ජන ගර්ජන සියල්ලේම ඉදිරියෙන් සිටින අතර මුව ආවරණයක් හෝ නොමැතිව වර්ජන මෙහෙයවන අයුරු දැක්වෙන සේයාරුවක්ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු විය.

 ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් පසු ලොව පුරා මිලියන 185 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 4 ක් මියගොස් ඇත. දැන් ලංකාවේ දිනකට මරණ සියයක් වාර්තාවන තත්ත්වය උදාවීම ඉතා බරපතළය. මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව පන්දහස ඉක්මවා ඇත. කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා පැවති භයානකම කාලයට දැන් ලංකාව මුහුණ දී ඇත. මේ අද පවතින භයානකම තත්ත්වය, හෙට මීට වඩා භයානක තත්ත්වයක් වෙනවා. අනිද්දා ඊටත් වඩා භයානක තත්ත්වයක් වෙනවා යැයි රජරට විශ්වවිද්‍යාලයේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි. මෙතෙක් සෑම රටකම පැවති බිහිසුණුම තත්ත්ව දක්නට ලැබුනේ ඩෙල්ටා ප‍්‍රභේදය එම රටවලට ඇතුළු වී එය පැතිර ගිය පසුවයි. මේක අසල්වැසි ඉන්දියාවේ, ඇමෙරිකාවේ, යුරෝපා රටවල දැකිය හැකි වුණා යැයි අගම්පොඩි මහතා අවධාරණය කරයි. ඇත්තෙන්ම මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ පවතින්නේ රටේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව ඉක්මවා යන මට්ටමේ ඉතාමත්ම හදිසි තත්ත්වයකි.

 මේ නිසාම කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලූ මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. රටේ ජනතාව දුරස්ථ බව රැුකගැනීම, අත් පිරිසිදු කිරීම වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙන්ම රෝගය වැළඳීමෙන් වැළකීමත්, රෝගය වැළඳුණහොත් සුවය ලබාගැනීම පිණිසත් මානසික සෞඛ්‍ය රැුකගැනීම වෙනුවෙන් කැපවීම වඩා සුදුසුය. තමන්ටත් හානියක් නොවෙන්න, අනුන්ටත් හානියක් නොවෙන ලෙස හැසිරීම සියලූ දෙනාගේ වගකීම බව පැහැදිලිව අවබෝධකරගත යුතුය. දිල්ලි නුවර දක්නට ලැබුණු අවාසනාවන්ත දර්ශන මෙරටදී නොදකින්නට අපේ ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කිරීම වැදගත්ය. නැත්නම් ඔබත් ඔබේ සමීපතමයනුත් ඩෙල්ටා මාරාන්තික ප‍්‍රහාරයට ලක්වනු ඇත. නැවත ලොක්ඩවුන් කිරීමක් සිදුවේද යන්න ගැන කතා බහට ලක්වේ. එහෙත් එයින් සිදුවන ආර්ථික හානිය රටට දැරිය හැකිද? කිසිසේත් නැත. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥ ක‍්‍රිස්ටිනා ග්‍රෙවර්ට් පවසන්නේ වෛරසය ඇවිලෙන සෑම අවස්ථාවකම අපට දිගටම ලොක්ඩවුන් කළ නොහැකි බවයි. එය ලංකාවටත් වැදගත් කතාවකි.

 පසුගිය ජනවාරි මස දී ප‍්‍රමුඛ විද්‍යා සඟරාවක් වන ‘නේචර්’ ලොව පුරා සිටින ප‍්‍රතිශක්ති විද්‍යාඥයන්, වෛරස් විද්‍යාඥයන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සියයකට වැඩි පිරිසකගෙන් අසා සිටියේ කොරෝනාව ලෝකයෙන් තුරන් කළ හැකිද යන ප‍්‍රශ්නයයි. ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් 90% ක් පමණ ප‍්‍රකාශ කර සිටියේ ‘නැත’ යනුවෙනි. කොරෝනා වෛරසය හැමදාටම ලොව තුළ රැුඳී තිබෙනු ඇති බව විද්‍යාඥයන් වැඩි වැඩියෙන් විශ්වාස කරති එම නිසාම දැන් යළිත් ලෝකය පුරාම කොරෝනා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙයි. ඇත්තෙන්ම මාස 22කට පමණ පෙර ලොව පළමුවරට කොරෝනා ආසාදිතයන් වාර්තා වූ චීනයේ වුහාන් නගරයෙන් පසුගිය සතියේදී නැවතත් ආසාදිතයන් හමුවීම විශේෂ සිද්ධියකි. මේ ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදයෙනි. කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ වූහාන් නගරය යි. වූහාන් නගරයේ සම්පූර්ණ ජනගහනය මිලියන 11ක් පමණ වන මේ සියලූ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට චීන බලධාරීන් තීරණය කර ඇත. චීනයේ බිලියනයකට අධික ජනගහනයකට එන්නත ලබා දී තිබුණද දැන් නගර 27කින් රෝගීන් හමුව තිබේ. ඇමෙරිකාවේ ජනගහනයෙන් 50% එන්නත් කර තිබුනද යළිත් රෝගීන් වාර්තාවීම 148%කින් ඉහළ ගොස් තිබේ. සමීක්ෂණ අනුව වාර්තාවන්නේ රෝහල්ගතවන රෝගීන්ගෙන් 97%ක්ම එන්නත ලබා නොගත් අයවීම විශේෂයකි. ජනපති උපදේශක ඇන්තනි ෆාවුචි පවසන්නේ යළිත් රට නොවසන නමුත් සියලූ දෙනා එන්නත්කරණය වීම ඉතාම වැදගත් බවයි. ඉන්දියාවේ තුන්වන රැුල්ල ආරම්භ වී ඇති අතර දිනකට රෝගීන් හතළිස්දහස පසුකරමින් වාර්තාවේ. ඉන්දියාවේ ජනගහනයෙන් පූර්ණ එන්නත ලබාගෙන ඇත්තේ ජනගහනයෙන් 8%කට පමණි ඔස්ටේ‍්‍රලියාව තම රටේ සංචරණ නීති වඩා තදින් ක‍්‍රියාත්මක කිරීමට හමුදාව කැ`දවා ඇත. එදා මුලින්ම කොරෝනා මර්දනය ස`දහා අපේ හමුදාව කැ`දවන විට සමහරුන්ට ඇහේ කටු අනින්නාක් මෙන් විය. නමුත් රටේ ජනතාව හමුදාවේ එන්නත්කරණයට පින් දෙති.

 කොරෝනා වසංගතය නිසා ලංකාවේ පමණක් ලෝකයේම ජන ජීවිත උඩුයටිකුරු විය. වසංගතය පාලනය කිරීම ඉතා අපහසුය. මේ දක්වා නිල වශයෙන් මුලිනුපුටා දැමූ බෝවන රෝග දෙක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ වසූරිය සහ ගව වසංගතය පමණි. මානව ඉතිහාසය පුරා දීර්ඝ කාලයක් තිබූ වසංගතයක් වන වසූරිය 1980 ගණන්වලදී තුරන් කළ අතර, එයින් 20 වන සියවසේදී මිලියන 500 ක් පමණ පිරිසක් මරණයට පත්වූහ. වසූරිය තුරන් කිරීමට අද්විතීය සිද්ධීන් සමූහයක් උපකාරී වූ අතර, බොහෝ දුරට එය පාලනය වූයේ වසූරිය වෛරසය සම්පේ‍්‍රෂණය කිරීම අඩු කරන එන්නතක් නිපදවීමෙනි. අවාසනාවකට මෙන්, මෙතෙක් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත් එකකින්වත් එවන් ප‍්‍රගතියක් අත් වී නොමැත. මේ පිලිබ`දව සෞඛ්‍ය හා නිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලේ බෝවන රෝග වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ඬේවිඞ් හේමන් පවසන්නේ කුමක්ද?

 ‘‘අද අප සතුව ඇති එන්නත් සමහර අවස්ථාවල ආසාදනයන් වැළැක්වීමක් කරන්නේ නැහැ. ඒවා ආසාදනය වෙනස් කර රෝගයේ බරපතළ බව අඩු කරනවා. එන්නත ලබා ගන්නා පුද්ගලයන්ගෙන් තවමත් වෛරසය අන් අයට සම්පේ‍්‍රෂණය වෙන්න පුළුවන්,’’ ඇත්තෙන්ම කොවිඞ් -19 එන්නත්වලින් ප‍්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විද්‍යාඥයන් තවමත් නිශ්චිතව කියන්නේ නැත. එහෙත් එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. ඒ ඔබේ මගේ ජීවිතය මරණයෙන් ආරක්ෂා කර ගැනීමටය.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment