වසංගතය මුවාවෙන් මිහිදන් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය

228

සෞඛ්‍ය අර්බුදයක් ලෙස ආරම්භ වූ කොරෝනා වසංගතය අද වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගෝලීය අර්බුදයේ කොටසක් බවට පත්ව තිබේ”  (Michael,2020)  කොරෝනා ව්‍යසනය සමග අන් කිසිදු කාලයකට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් රාජ්‍යයන් අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටින අතර,  The International Crisis Group පෙන්වා දෙන්නේ දේශපාලන නායකයන්ට කොවිඞ් වසංගතය අයුතු ප‍්‍රායෝජන ගැනීමට හෝ සූරාකෑම සඳහා ප‍්‍රමාණවත් ඉඩක් නිර්මාණය කර ඇති බවයි. එය රට තුළ බලය තහවුරු කර ගැනීම හෝ දේශයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම දක්වා පුළුල් පරාසයකට විහිදී යා හැකියx කෙසේ වෙතත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා යන පැරණි කියමන සපථ කරමින් සියලූ අභියෝගයන්ට විසඳුම් සෙවීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවට බව පැහැදිලිය.

 වර්තමානයේදී ජනතාවට වසංගතය, වසංගතමය අවකාශයක් නිර්මාණය කර තිබෙන බව පැහැදිලියx ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත් තුළ ජනතාවගේ අරමුණු, සිතුම් පැතුම් සියල්ල මේ වන විටත් ජනතාව විසින්ම මිහිදන් කොට ඇති අතර තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ, අනාගත අරමුණු යථාර්ථවත් කර ගැනීම නොව අද දවසේ ජීවිකාව සරිකර ගැනීමයිx ජනතාවගේ විවේචන හා අදහස් තුළින් පමණක් නොව, පොදු ප‍්‍රවාහනයේ, මහාමාර්ගයේ ගමන් කරන විට ජීවිතය පිළිබඳව ඔවුන් තුළ පවත්නා අපේක්ෂාභංගත්වය සහ අනපේක්ෂිතභාවය මොනවාට පැහැදිලි වේx ඔවුන් තවදුරටත් ජීවත් වන්නේ ජීවත් විය යුතු බැවින් මිස ජීවිතයේ අනාගත අපේක්ෂාවන් සාධනය කර ගැනීමට නොවේx

 රටක රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හෝ වැඩසටහනක් හඳුන්වා දීමට පෙර ප‍්‍රතිපත්ති චක‍්‍රයට  (Policy Cycle) අනුව බිම් මට්ටමින් ජනතාවගේ අවශ්‍යතා හා ප‍්‍රමුඛතා විමසා බැලීම සාමාන්‍ය සංසිද්ධියක. මන්දයත්, ප‍්‍රතිපත්තියක අරමුණ වන්නේ ජනතාවගේ සුභසාධනය සලසාලීම මිස පෞද්ගලික අවශ්‍යතා තෘප්ත කිරීම නොව. නමුත් අද වන විට ජනතාවට සිදුව ඇත්තේ කුමක්ද? තම අවශ්‍යතා හා ගැටලූ විස`දාගැනීමට අනවසරයෙන් හෝ පොදු අවකාශයක් (Public Space) නිර්මාණය කර ගනිමින්, ඒ ඔස්සේ විසඳුම් සෙවීමට සිදුවීමයි. ඒ අතරතුර රටේ පාලක පංතියේ ගැටලූවලට පිළියම් සෙවීමේ අභියෝගයද ජනතාව හමුවේ පවතී. දේශපාලකයාගේ මූලික කාර්ය වන්නේ ජනතාව නියෝජනය කිරීමයිx එබැවින් ඔවුන්ට අසීමාන්තික දේවත්වයක් හෝ ගෞරවයක් දැක්වීම නොකළ යුත්තක් වන අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ වරප‍්‍රසාද ලබා දෙන්නේද තමන් බව ජනතාව මෙන්ම පාලකයා ද මතක තබා ගත යුතුය.

 කොරෝනා ව්‍යසනය සහ වත්මන් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් විමසීමේදී, එළඹිය හැකි මූලික තර්ක දෙකකිx පළමුවැන්න, කොරෝනා ව්‍යසනයත් සමග දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයට හා අර්බුදයට ලක්වන බවයිx දෙවැන්න, වසංගතය ජනතාවට වසංගතයක් බවට පත්වූවද තවත් පාර්ශ්වයක් තම දේශපාලන ක‍්‍රීඩාව (Political Game) සාර්ථකකර ගැනීමට වසංගතය සෘජුව හා වක‍්‍රව උපයුක්ත කරගන්නා බවයිx
 ෘ්සකහ ඵසරරදර

 වසංගත කාලපරිච්ජේදයක ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙන් අර්බුද රාශියක් මතුවීම ප‍්‍රායෝගික තත්්ත්වයකි. නමුත් විමසා බැලිය යුත්තේ වසංගතය මුවාවෙන් වසංතය ළඟා කර ගැනීමට අනුගමනය කරනා ක‍්‍රියාමාර්ග සම්බන්ධවයි. තර්කකරනා ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල වසංගතය ආණ්ඩු දුෂ්කර තත්ත්වයකට පත් කරයිx කොරෝනා වසංගතය වැනි අවිනිශ්චිත කාලපරිච්ජේදයක් තුළ පාලකයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට පටහැනි ක‍්‍රියමාර්ග අනුගමනය කිරීමට පෙළඹවීමක් සිදුව. මන්දයත් සාමාන්‍ය ජනතාවට වසංගතයේ අභියෝග සහ තමන්ගේ ජීවන තත්ත්වය යථාවත් කර ගැනීමේ ප‍්‍රශ්න සඳහා විසඳුම් සොයන්නට සිදුවන බැවිනිx අනෙක් පසින් සමාජ දුරස්ථභාවය වැනි කොන්දේසි හේතූවෙන් ජනතාවගේ සංචලනය මෙන්ම රැුස්වීමේ නිදහස වැනි අයිතිවාසිකම් ද අභියෝගයට ලක් කිරීමේ ශක්‍යතාවයක් පවතීx යුරෝපීයානු රාජ්‍යයක් වන හන්ගේරියාවේ අගමැතිවරයා වසංගතය සමග හදිසි බලතල ලබාගත් අතර, අසර්බයිජානයේ පාලක පක්ෂය විසින් විපක්ෂය අත්අඩංගුවට ගැනීම සිදු කළේ ව්‍යසනය සම්බන්ධ කරගනිමිනිx ජෝර්දානයේ පුවත්පත් රාශියක් තහනම් කිරීම සිදු කළ අතර මෙවන් සිදුවීම් ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් මෙන්ම දේශපාලනය සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතභාවය තහවුරු වේx

 ඒ අනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන ක‍්‍රීඩාවක් බවට පත් කරගනිමින් වසංගතය කළමනාකරණය කිරීමට දෙයාකාරයකින් උත්සාහ දරයිx පළමු පියවර වන්නේ, සිවිල් නිදහස සීමා කරන පියවරයන් කෙරෙහි අවධානය දැක්වීමයි  (Coppge et al., 2011) දෙවැන්න ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ බලතල බෙදීමේ මූලධර්මය සහිත නීතියේ ආධිපත්‍යය සමග ගැටීමට උත්සාහ දැරීමයිx එනම්, වසංගතය හමුවේ විධායකයේ බලතල වැඩි කර ගැනීම සහ නීති හා අණපනත් සම්බන්ධව ක්ෂණික ක‍්‍රියාමාර්ග හා ප‍්‍රතිචාර දැක්වීමයි.

 ප‍්‍රජාත්නත‍්‍රවාදී අදහස් වෙනුවෙන් පොදු අවකාශය  (Public Space) ඉතා වැදගත්ය.  John A. Parkinson තර්ක කරන්නේ ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රඳා පවතින්නේ පුරවැසියන්ට එක්වීමට පොදු අවකාශයක් තිබීම මත බවයිx එවැනි අවකාශ නොසලකා හැරීමෙන් සිදු වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොන්දේසි යටපත් කිරීමට උත්සාහ දැරීමයි  (Parkinson, 2012). ඒ අනුව වත්මන් ශ‍්‍රී ලංකාවේ ද සිදු වන්නේ වසංගතය මෙවලමක් කරගනිමින් ජනතාවගේ පොදු අවකාශය ඉතා දැඩි ලෙස සීමා කිරීමයිx විමතියට කරුණ වන්නේ එවැනි නීති ඇතැම් ප‍්‍රිය සම්භාෂණ, උත්සව හා වෙනත් අවස්ථා සම්බන්ධයෙන් කිසිවිටකත් වලංගු නොවීමයි.

 අනෙක් පසින් දේශපාලකයා තම මූලික පරමාර්ථය වන බලය වෙනුවෙන් සාමාන්‍ය ජනයා උද්ඝෝෂණ වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ පොදු අවකාශයකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටියිx එවන් තත්ත්වයකට ජනතාව තව දුරටත් යොමු වීමෙන් පැහැදිලි වන්නේ මෙතෙක්කල් උගත් පාඩම් කිසිවක් අත්දැකීමක් කර නොගෙන ඇති බවයිx එමෙන්ම තවමත් සාමාන්‍ය ජනතාව පක්ෂ දේශපාලනයට හෝ පාලකයාට දේවත්වයක් ආරෝපණය කරන්නට උත්සාහ දරන්නේනම්, ඉදිරියේදී සිදු වන්නේ ඉන්නන් වාලේ වෙන දෙයක් බලාගෙන ජීවත්වන්නට පමණිx

 අනෙක් පසින් පාලක පංතියද මෙවන් ව්‍යසනයකදී, නම්‍යශීලී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතක් ඔස්සේ කටයුතු කළ යුතු අතර තම පෞද්ගලික අභිමථාර්ථයන් පසෙකලමින් යම් තරමකින් හෝ ජීවත්වන්නට රටක් ඉතිරිකර ගැනීමට උත්සාහ කළ යුතුයx අවිධිමත් හා කළමනාකාරීත්වයෙන් තොර නිලධාරිවාදී ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් හේතුවෙන් දිගින් දිගටම අභියෝගයට ලක් වන්නේ ජනතාවගේ ජීවිත බව පැහැදිලිව වටහා ගත යුතුයx එවැනි තත්ත්වයක් හමුවේ ජනතාව තම ගැටලූ හා අවශ්‍යතා වෙනුවෙන් පොදු අවකාශයට  (Public Space) යොමු වීම සාමාන්‍ය සංසිද්ධියක් වන අතර එය තහනම් කලාපයක් බවට පත් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ ඔවුන් තව තවත් නව අවකාශ තෝරා ගැනීමට උත්සාහ දැරීමයි. එබැවින් මේ මොහොතේ එක් පසෙකින් පාලකයා වසංගතය වසංතයක් බවට පත් කර ගනිමින් තම දේශපාලන ක‍්‍රීඩාව නිදහසේ ක‍්‍රීඩා කිරීමට උත්සාහ නොකළ යුතු අතර, අනෙක් පසින් සාමාන්‍ය ජනතාවද සිහියෙන් සහ අවබෝධයෙන් යුක්තව මෙතෙක් ක‍්‍රියාත්මක වූ දේශපාලන ගනුදෙනු හා ක‍්‍රීඩා අවබෝධ කර ගනිමින් ජීවත්වීමට උත්සාහ දැරිය යුතුයx එසේ නොවන්නේ නම් ඉදිරියේදී හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීමට යෑමෙන් සිදු වන්නේ ඉ`ගුරු දී මිරිස් ගැනීමට වන අතර අවසානයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඵලක් නොවන බව මේ මොහොතේ සිට හෝ කල්පනා කළ යුතුයx

සචිනි උමාෂා ගීතාංජලී
 සහය කථිකාචාර්ය,
 දේශපාලන විද්‍යා හා  රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment