ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. වසංගත තත්ත්වය ආරම්භයේ පටන් මේ දක්වා ජාතික ඬේටා ඉල්ලූම දෙගුණයක් බවට පත්ව ඇති බැවින් එම අවශ්‍යතාව සපුරාලීමට මෙම පියවර ගෙන ඇති බව එම සමාගම පවසයි.
විශේෂයෙන් අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ජාල සහ 4G සබඳතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පසුගිය වසර කිහිපය පුරා වාර්ෂිකව රු. බිලියන 25 ක් ආයෝජනය කර ඇති බවද SLT MOBITEL නිවේදනය කර සිටී. කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමූ සෑම අවස්ථාවකදී ම 30% ක වර්ධනයක් පෙන්නුම් කළ ඬේටා ඉල්ලූම සපුරාලීමටත්, අන්තර්ජාල සේවා භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් වේගවත් සහ පුළුල් සේවාවක් ලබා දීමටත් මෙම ආයෝජනය සිදුකරන ලදි.
පසුගිය වසරේදී අනපේක්ෂිත ලෙස දිවයින පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යාපාර, අධ්‍යාපන සහ සමාජ ක්‍රියාකාරකම් අන්තර්ජාල සබඳතා මත බෙහෙවින් පදනම් විය. ඒ හේතුවෙන් සබඳතා සඳහා පවතින ඉල්ලූම විදුලි සංදේශ සමාගම්වල ධාරිතාව ඉක්මවූ බැවින් එම ඉල්ලූම සපුරාලීම විදුලි සංදේශ ක්ෂේත්රයට අභියෝගයක් විය.
එවැනි පසුබිමක් තුළ, SLT MOBITEL 10,000 කට අධික සිය කාර්යමණ්ඩල සාමාජික පිරිස සමග අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් නවෝත්පාදන විසඳුම් සමගින් ජාතික සබඳතා ක්ෂේත්රයේ ප්‍රමුඛතා සාක්ෂාත්කර ගැනීමට සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටී.