වසන්ත මුදලිගේ අත්අඩංගුවට

541

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


advertistmentadvertistment