වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙසින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් සම්මානයට

85

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙවරත් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම වර්ගීකරණය යටතේ ජයකෙහෙළි නැංවීමට සමත්ව තිබේ. මෙහිදී අඛණ්ඩව සිවුවැනි වරටත් ශ‍්‍රී ලංකාවේ ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස සම්මානයට පාත‍්‍ර වෙමින් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අත්කරගෙන ඇති විශිෂ්ටත්වය පෙන්නුම් කර තිබේ.
 
 රැකවරණයේ පණිවිඩය ශ‍්‍රී ලංකාව පුරා ප‍්‍රචලිත කිරීමේ අරමුණින් 1962 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ සැමට රැුකවරණය සැලසීම සිය මූලික ව්‍යාපාර අභිමතාර්ථය බවට පත්කරගෙන තිබේ. 2020 වසර තුළදී කොවිඞ් වසංගතය මර්දනය කිරීමේ කටයුතු සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රමුඛ දායකත්වය දක්වා ඇති අතර කොවිඞ් 19 සමාජ හා ආරක්ෂණ අරමුදල සඳහා රු.මිලියන 5ක පරිත්‍යාග කිරීම, වසංගත පාලනය සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා විශේෂ කාර්ය සාධක බලකාය සඳහා මි.ලි.200 විෂබීජනාශක දියර බෝතල් 10,000ක් පරිත්‍යාග කිරීම, කොවිඞ් 19 වසංගතයට එරෙහිව සටන් කරමින් පෙරමුණේ සිටින රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා රු.ලක්ෂ 15ක විරු අභිමන් රක්ෂණාවරණය ලබාදීම, වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා පුර්වෝපාය පියවරක් ලෙස මහ නගර සභා, පළාත් සභා, නගර සභා සහ අනෙකුත් රාජ්‍ය ආයතන විෂබීජහරණයට ලක්කිරීම සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර ලීටර් 10,000ක්, මුහුණු ආවරණ, විෂබීජනාශක අත් සේදුම් දියර පරිත්‍යාග කිරීම මේ අතර වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment