වසර දෙකට ක්‍ෂය රෝගීන් 99ක් වව්නියාවෙන් හමුවෙලා: 16ක් ප‍්‍රතිකාර ලබද්දීම මරුට

148

පසුගිය වසර දෙක ඇතුළත වවුනියාව දිස්ත‍්‍රික්කයෙන් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයන් 99 ක් හමුවූ බවත්, ඔවුන්ගෙන් 16 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මියගිය බවත් වවුනියාව මහ රෝහලේ ක්ෂය රෝග මර්දන ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් මහතා ඉකුත් 24 දා පැවසීය.

ලෝක ක්ෂය රෝග දිනය සැමරීම සඳහා වවුනියාව මහ රෝහලේ සංවිධානය කොට තිබූ උත්සවයකදී වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.

ක්ෂය රෝගයට ලක්වූ රෝගීන් නිසි වෛද්‍ය උපදෙස් පිළි නොපැදීමත්, ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා අවසාන මොහොතේ රෝහල්ගත වීමත් නිසා ක්‍ෂය රෝගය පාලනය කිරීම අපහසු වී ඇති බව කියා සිටි බවද සඳහන් කළේය.

ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් වවුනියාවේ වැසියන් දැණුවත් කිරීම සඳහා වවුනියාව මහ රෝහලේ ක්ෂය රෝග මර්දන ඒකකය වැඩසටහන් කීපයක්ම සංවිධානය කොට තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment