වසර 18කට පසු රහස් හෙළි වෙයි – ඉරාක ආක‍්‍රමණයට අදාළ රහස් ලියවිලි හිටපු අගමැති ටෝනි බ්ලේයාර්ගේ නියෝග මත පුළුස්සා දැමුවා – හිටපු ආරක්‍ෂක ලේකම් ජෙෆ් හූන්

896

ඉරාකය ආක‍්‍රමණය කිරීමට අදාළ රහස් ලියවිලි පුළුස්සා දමන ලෙස හිටපු අගමැති ටෝනි බ්ලේයාර් තමාට නියෝග කළ බව හිටපු ආරක්‍ෂක ලේකම් ජේෆ් හූන් අනාවරණය කර ඇත.

 2015 දී මේ තොරතුරු හෙළි වූවත් එය බොරුවක් බව ටෝනි බ්ලේයාර් පවසා තිබුණි. හිටපු ආරක්‍ෂක ලේකම් හූන් පැවසූවේ රහස් ලියවිලි ගිනි තැබීමේ සිද්ධිය සත්‍යයක් බවයි. එම රහස් ලියවිලි අධ්‍යයනය කළ ටෝනි බ්ලේයාර්ගේ මාණ්ඩලික ප‍්‍රධානියා වූ ජොනතන් පවල් ද එකී ලියවිලි පුළුස්සා දැමිය යුතු යැයි පවසා ඇත. 2003 වසරේදී ඉරාකයට එරෙහි ආක‍්‍රමණය නීති විරෝධී බව එම ලියවිල්ලේ සඳහන් වී තිබුණි. ටෝනි බිලේයාර්ට එරෙහි මෙම බරපතළ චෝදනාව එල්ල වූයේ එළිසබත් රැුජින ඔහුට නයිට් නාමයක් පිරිනැමීමක් සමග ය. මෙම නයිට් නාමය අහෝසි කරන ලෙස බ්ලේයාර් විරෝධිහු එළිසබත් රැජින ගෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment