වසර 21 කට පෙර අතුරුදන් වූ සැමියා මුහුණු පොත නිසා යළි හමුවෙයි

473

වසර විසි එකකට පෙර සිය නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයකුව කඳාන ආණියාකන්ද ප‍්‍රාදේශීය රෝහලේ දී ඔහුගේ බිරිඳට හා දරුවන්ට හමුවීමත් සමඟ දරුවන් හා බිරිඳ ඔහුව වැළඳ ගනිමින් සතුටු කඳුළු හෙළුෑයේ රටක් රාජ්‍යයක් හමුවුවා සේය.

මීට වසර විසි එකකට පෙර හදිසියේ නිවසින් අතුරුදන් වූ කේ. ජී. පියසේනව සොයා ගැනීමට ඔහුගේ බිරිඳ ජී.ජී. සිවර්ණලතා මහත්මිය හා ඇගේ නෑ හිතවතුන් නොගත් උත්සාහයක් නැත. රටේ නොගිය ප‍්‍රදේශයක් නැත. එහෙත් ඔවුන්ට පියසේනව හමු වුයේ නැත. මාතලේ කුරුවාව රත්තොට පදිංව සිටි පියසේන ස්වර්ණලතා යුවළට දියණියන් දෙදෙනකු හා පුතණුවකු සිටි අතර වසර විසි එකක් සිය පියා පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීම නිසා ඔවුන් පසුවුයේ දැඩි කනස්සල්ලෙන් යුතුවය. එහෙත් සිය පියා කෙදිනක හෝ හමුවේ යැයි තිබූ විශ්වාසය පමණක් ඔවුන්ට විය. මේ අතර මාතලේ රත්තොට නැමති මුහුණු පොතේ කඳාන ආනියකන්ද ප‍්‍රාදේශීය රෝහලේ සිටින රෝගියකු ගැන ඡුායාරූපයක් පළවී තිබූ අතර ස්වර්ණලතා ඇතුළු දරුවන්ට ඒ තමන් වසර විසි එකක් පුරා සොයන තමන්ගේ ආදරණීයා බව හඳුනාගැනීම අපහසු වූයේ නැත. පසුව ඔවුන් කඳාන ආනියකන්ද ප‍්‍රාදේශීය රෝහලට පැමිණියේ දැඩි ප‍්‍රීතියකින් යුතුවය.

වසර 21 කට පෙර අතුරුදන් වූ සැමියා මුහුණු පොත නිසා යළි හමුවෙයි



පියසේන හා පවුල එක්කිරීමට මූලික වූ සිය වෘත්තීය සේවාවට එහා යමින් සිය මානව දයාව පෙන්වු ආනියකන්ද ප‍්‍රාදේශීය රේහලේ හෙද සොයුරියක් වු ඉනේකා කුමාරි මහත්මිය සමග අපි කතා බහ කළෙමු. මේ තාත්තා වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. මෙයාව අපේ රෝහලට රාගම රෝහලේ සිට එවලා තිබ්බේ කාත් කවුරුවත් නැති රෝගියකු ලෙසයි. එයාගේ කකුලේ ලොකු තුවාලයක්. එයාට කල්පනාවත් එච්චර නෑ. නමුත් මම කොහොම හරි කතා කරද්දී මේ තාත්තා මාතලේ රත්තොට පැත්තේ කියලා කියවුණා. පසුව මම ෆොටෝ එකක් අරගෙන මාතලේ රත්තොට කියන මුහුණු පොතට එය යොමු කෙරුවා. පස්සේ එකෙන් තමයි මේ තාත්තාගේ ඥතීන් 19 දා ඇවිත් තාත්තව රැුගෙන ගියේ. පසුව මාතලේ රෝහලට ඒ තාත්තව ඇතුළු කරලා තිබ්බා.

ආණියකන්ද ප‍්‍රාදේශීය රෝහලේ සුළු සේවකයකු හා ප‍්‍රදේශයේ සමාජසේවකයකු වු ජී.පී.කේ. තිලකරත්න මහතාගේ සහයෙන් අප පියසේන ගෙන් වසර විසි එකක් නිවසට නොගියේ ඇයිද යන්නත් ඒ කාලය තුළ හිටියේ කොහේද යන්නත් විමසීමට උත්සාහ ගත්තද එය පැහැදිලි කිරීමට තරම් මතකයක් ඔහුට නොවීය.

අප පියසේනගේ බිරිඳ වූ ජී.ජී. ස්වර්ණලතා මහත්මිය සමග වසර විසි එකකට පෙර සිදු වූයේ කුමක්දැයි විමසීමු. මට වයස අවුරුදු පනස් අටයි. මගේ මහත්තයා කෙරුවේ පතල් රස්සාව. රස්සාවට ගියහම දින ගණනක් රස්සාවේ ඉන්නවා. මැණිකක් එහෙම හම්බවුණාහම ගෙදර ඇවිත් යනවා. හැබැයි මෙයා යාළුවොත් එක්ක විනෝදෙට බරයි. එහෙම ගෙදර ආපුවම යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දානවා. මම මේ අතර රට ගියා. කුවේට් හා ජොර්දානයේ ගෘහ සේවිකාවක් හැටියට කටයුතු කෙරුවා. මම ලංකාවට වරින්වර ඇවිත් යනවා. මේ අතර තමයි මගේ මහත්තයා ගැන හෝඩුවාවක් නැතිව ගියේ. එතකොට මගේ බාල දුවට අවුරුදු පහයි. අපි ඊට පස්සේ මහත්තයා හොයන්න නොගත් උත්සාහයක් නෑ. මහත්තයාගේ නෑදෑ ගෙවල්වල, යාළුවන්ගේ ගෙවල්වල රටේ තොටේ හැමතැනම අපි හෙව්වා. නමුත් හමුවනේ නෑ. මුහුණු පොතේ අපේ ඥති දියණියක් පියසේනව දැකලා ඒක අරගෙන ඇවිත් මේ මාමා නේද කියලා මගෙන් ඇහැව්වා. මම එතකොටයි හඳුනගත්තේ. එයාට කල්පනාව නැති උනත් නම කියලා මාව අද හඳුනාගත්තා. මටයි දරුවන්ටයි කියන්න බැරි තරම් සතුටුයි. අපි දැන් එයාව අරගෙන යනවා. මාතලේ රෝහලට ඇතුළත් කරලා කොහොම හරි හොඳ කර ගන්නවා. දැන් අපි නැවතත් සම්පූර්ණ පවුලක් වෙලා.

කඳාන රුක්මන් පින්තු /රාගම රිචඞ් ජී.සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment