වසර 24 කට පසුව ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානය බලා ගිය ඔස්ටේ්රලියා කණ්ඩායම සහ සත්කාරක පකිස්තාන කණ්ඩායම අතර පළමු තරගය අද (04 වැනිදා) රාවල්පින්ඩි හිදි ශ්රී ලංකා වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිතය.
පාකිස්තාන කණ්ඩායම බාබර් අසාම් විසින් ද ඔස්ටේ්රලියා කණ්ඩායම පැට් කමින්ස් විසින් ද මෙහෙයවනු ලබති. දෙරට අතර මෙතෙක් තරග 66ක් පවත්වා ඇත ඇති අතර ඉන් තරග 33ක් ඔස්ටේ්රලියාවද, තරග 15ක් පකිස්තානයද ජය ගෙන ඇති අතර 18ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.