වසර 25 කට පසු එංගලන්තය යුරෝ පාපන්දු කුසලානට ළංවෙයි

111

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (04 වැනිදා* වැනිදා සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව තරගයේදී යුකේ‍්‍රනය ගෝල 4-0ක් ලෙසින් පරාජයට පත් කරමිනි. ඒ අනුව වසර 25කට පසු එංගලන්ත පාපන්දු කණ්ඩායම යුරෝ පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණි.
 
 තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්වී සිටියේය. අනතුරුව දෙවන අර්ධයේදී තවත් ගෝල තුනක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වූ අතර එංගලන්තය වෙනුවෙන් නායක හැරී කේන් මෙහිදී ගෝල 02ක් වාර්තා කළේය. මේ අතර යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය අතර පෙරේදා (03 වැනිදා* පැවැත්විණි. එහිදී ගෝල 2 – 1 ලෙස චෙක් ජනරජය පරාජය කළ ඩෙන්මාර්කය යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment