වසර 32කට පෙර මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෝ සැමරෙති – ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් 7කට උපහාර

30

යාපනයේ, අරාලිතුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණ විරුවන් හත්දෙනකු මව්බිම වෙනුවෙන් දිවි පුදා වසර 32 ක් ගත වීම නිමිත්තෙන් අරාලිතුඩුවේ කොබ්බෑකඩුව ස්මාරකය අබියසදී ගුණ සමරු උළෙලක් පසුගිය 8 වැනිදා පැවැත්වුණි.

වසර 32කට පෙර මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෝ සැමරෙති - ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් 7කට උපහාර

මේ අවස්ථාවට සියලුම ආගම්වලට අයත් ආගමික නායකයන් කැඳවා රට වෙනුවෙන් දිවි පිදූ පිරිසට පින් අනුමෝදන් කළහ. මෙම උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා සහභාගී විය. සහභාගී වූ ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් මියගිය රණවිරුවන්ගේ ඡායාරූප අබියස මල්වඩම් තැන්පත් කොට ගෞරව සමාචාර දක්වනු ලැබූහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment