ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකින් යහපාලන ආණ්ඩුව පෙරළා වසර 3 යි… රුවන් විජයවර්ධන

75

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් මගින් යහපාලන ආණ්ඩුව ඉවත්කර අදට (26 දා) වසර තුනක් ගතවන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී කුමන්ත‍්‍රණයට වසර තුනක් පිරෙනවිට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වලවී තිබෙනවා. දැන් ස්වාධීන කොමිෂන් සභා නැහැ. ජනාධිපතිවරයා විසින් පත්කරන හා ඉවත් කරන සාමාජිකයන්ගෙන් යුතු කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනවා වෙනුවට ජනාධිපතීත්වය තහවුරුකර තිබේ. රටේ පවතින බොහෝ ප‍්‍රශ්නවලට මුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ඒකාධිපතීත්වය ප‍්‍රමුඛවීම බව පැහැදිලිය. අගමැතිවරයා අද දුර්වල වී ඇත. නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවූ බරලපතළ කැළල 2018 ඔක්තෝබර් 26 වැනිදා සිනිටුහන් වුවා යැයි කීම වරදක් නැතැයි ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment