ඓතිහාසික වාරණ රජමහා විහාර ශිලා ලිපිය ක්‍රිස්තු පූර්ව 2 – 1 සියවස දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇත. පූර්ව බ්‍රහ්මි අක්ෂර සහ පූර්ණ සිංහල භාෂාව මෙහි අන්තර්ගතය. ‘ප්‍රධාන වූ මඣිමගේ සොහොයුරු ප්‍රධාන වූ තිස්සදන්තගේ ප්රදානය’’ යනුවෙන් මෙම සෙල් ලිපියෙහි සඳහන් වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ශිලා ලිිපිය සංරක්ෂණය කිරීම සඳහා එම කඳු ගැටය මත විශේෂ මණ්ඩපයක් ඉදිකර තිබේ. ශිලා ලිපියට ආරක්ෂාව පතා මණ්ඩපයේ පහත කොටස වටා දැවයෙන් නගන ලද බීරළු වැටක් සකස්කර තිබිණි. දැන් එම බීරළු වැට ගැලවී වැටී යෑමෙන් විනාශ වෙමින් පවතී. ඒවා ගැලවී අසල වැටී ඇති අයුරු දක්නට ලැබේ.
මෙම මණ්ඩපය වටා ඇති එම බීරළු වැට නැවත ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව ඇත.
නිමල් දයාරත්න