වාසනාවන්ත දරු උපතක් ලබාගැනීම

153

යුග දිවියට පිවිසි යුවළකට ලැබෙන දරුවන්ගේ වාසනාවන්ත බව දෙමාපියන්ගේ කුසල් අකුසල් අනුව තීන්දුවන බව මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත.

 දෙමාපියන්ගේ කුසල් අකුසල් බෙදීම සහ අඩුවීම මත මෙය සිදුවේ. අකුසල් අඩු, කුසල් වැඩි විවාහක අඹු සැමියන්ට මංගල මධු සමයේදීම දරු සම්පත් ලැබීමට ගැබ් ගැනීම සිදු වේ.

 කුසල් අඩු අකුසල් වැඩි අඹු සැමියන්ට දරුඵල ලැබීම පමා වේ.

 එවැනි අඹු සැමියන් දරුඵල ඉක්මන් කරගැනීම ස`දහා කුසල් රැස් කරගත යුතුය. එම කුසල් වනුයේ මානසික නිරවුල් බව ඇති කර ගැනීම ය. එහිදී කරුණාව, ඉවසීම, ප‍්‍රගුණ කළ යුතුය.

 පෝෂ්‍යදායී ආහාර පාන ගතයුතුය. ඒ ස`දහා කොස්, පොළොස්, දඹල, තිබ්බටු, ගොටුකොළ, කඩල, කවුපි, මුංඇට ආදී ආහාර වර්ග නිතර තම දවසේ ආහාරවේල් සඳහා එක්කර ගත හැකිය.

 බෙලිමල්, ඉරමුසු, නීරමුල්ලි, කොත්තමල්ලි ආදී ඖෂධීය පාන වර්ග ගැනීම, වෙරළු, වැළ, වරකා, ලාවුලූ, කටු අනෝදා වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීම තුළින් දරුඵල ලැබීමට අවශ්‍ය උත්තේජක වර්ධනය කරගත හැකි ය.

 මෙලෙස ආහාරපාන ගන්නා අතර ම තම ආගමට දහමට අනුව දවසේ කටයුතු සිදු කිරීමට හුරුවිය යුතුය. එවිට සිත තුළ ඇතිවන සැහැල්ලූ බව දරුවාගේ නීරෝගී වර්ධනයට හේතුවන බව මහා සෘෂිනාඩි වෛද්‍යවරු පවසා තිබේ.

 දිනපතා උදෑසන 5.00ට අවදිවී පිරිසිදු ඇල් ජලය වීදුරුවක් පානය කර විනාඩි දහයක් පමණ හො`දින් හුස්ම ඉහළ පහළ ගනිමින් ඇවිදීම ඉතා හොද ව්‍යායාමයකි. එවිට මෙතෙක් දරුඵල පමාවීම ට බලපා ඇති රෝගාබාධ සුවකර ගැනීමට ද හැකියාව උදා වේ.

 ගංගා ඇළ දොළ පිරිසිදු ජලයේ පැය භාගයක් පමණ ස්නානය, කුඩා මාළු වර්ග ආහාරයට එක් කර ගැනීම මගින් කුස තුළ මෝරන දරු කළලයට ගුණදායකය.

 මෙලෙස කටයුතු කිරීමෙන් විවාහයෙන් ලබන දරුවන් නිරෝගී වාසනාවන්ත ලෙස උපත ලබයි.

වාසනාවන්ත දරු උපතක් ලබාගැනීම

advertistmentadvertistment
advertistmentadvertistment