වාසනා මුට්ටිය බිඳීම හා සහෘදයාට කිරි කැවීම ගැන රටම කතා වුණා – රාජ්‍ය ඇමැති අනූප පස්කුවල්

352

ආබාධිත ජනතාව වෙනුවෙන් සිංහල අවුරුදු උත්සව අවස්ථාවලදී මෙතෙක් පැවති කණා මුට්ටිය බිඳීම සහ කණාට කිරි කැවීම යන ඉසව් වාසනා මුට්ටිය බිඳීම සහ සහෘදයාට කිරි කැවීම ආකාරයෙන් වෙනස් කිරීම රටම කතාවෙන වෙනසක් බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පස්කුවල් මහතා පැවසීය.

එවැනි වෙනස්කම් මගින් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමුවීම සුභදායී වෙනසක ඇරැඹුමක් බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ද්විත්වය වන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරීමත් නව අවුරුද්දේ වැඩ ආරම්භයත් වෙනුවෙන් සමාජ සවි බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාර ශාලාවේදී සැමරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එමෙන්ම කාන්තා සහ ළමා කටයුතු සඳහා සමෘද්ධි වැඩසටහන් මගින් ලබාදිය හැකි සියලුම අවස්ථා ලබා දෙන බවත් මෙතෙක් කටයුතු කළ සුහදශීලී පිළිවෙත තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ රාජ්‍ය ඇමැතිවරිය කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යෑමට ලබාදී ඇති නිදහසට කිසිදු බාධාවක් අනූප පස්කුවල් රාජ්‍ය අමාත්‍යවරයා සමග කටයුතු කිරීමේදී නොවන බවත්, ඉතාමත් පහසුවෙන් හා මනා අවබෝධයකින් සහ සහෝදරත්වයකින් වැඩකටයුතු කිරීම මගින් එහි වාසිය අමාත්‍යාංශය මගින් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් වෙත ඉතාමත් විශිෂ්ට ආකාරයට බෙදියන බවත් කියා සිටියාය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment