වාහන තුනේ අනතුර: කිළිනොච්චියේදී බසයේ හැපී ශිෂ්‍යාවක් මරුට

185

කිළිනොච්චියේ මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට වාහන තුනක් එකිනෙක ගැටුණු අනතුරකින් පාසල් ශිෂ්‍යාවක මියගොස් තවත් සිසුවකු 15 වැනිදා තුවාල ලබා තිබේ’

ලංගම බස් රථයක් යාපනය දෙසට ගමන් කරමින් තිබියදී පාසලට යමින් සිටි සිසුන් කිළිනොච්චිය පාසල ඉදිරිපිට දී බස් රථයේ ගැටීම නිසා මේ අනතුර සිදුව තිබේ’

බස් රථයේ සිසුවියන් ගැටීම නිසා එක්වරම ලංගම බස් රථයේ රියැදුරු තිරිංග තද කිරීම නිසා ඊට පිටුපසින් පැමිණි වෑන් දෙකක් හා යතුරු පැදියක් ද බස් රථයේ ගැටී අනතුරට පත්ව තිබේ’ ලංගම බස් රථයේ ගැටීම නිසා මියගොස් ඇත්තේ තිරුවාසකම් මධුසාලිනී නමැති 17 හැවිරිදි ශිෂ්‍යාවකි’ තුවාල ලැබූ සිසුවකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ’ කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි’

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment