වාහන – ගෙවල් ගිනිගැනීම ගැන බැෂලේත් ඇවිළේ

461

දින කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නිවාස සහ වාහන ගිනිතැබීම් සිදුවෙද්දී ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.මෙම දිනවල ඝාතන 2 ක් ද සිදුවී තිබේ. පසුගිය මැයි 9 වැනිදායින් පසු සිදුවූ සාහසික ක්‍රියා ගැන පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන් ද අහක බලාගෙන සිටි බව මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇත. පොලිස්පති, ආරක්‍ෂක ලේකම් මෙම සිදුවීම් ගැන ක්‍රියා නොකළ බවත් එම පැමිණිලිවල සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මැයි 9 දා සිට නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන රජය මේ දක්වාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ප්‍රතිචාර දක්වා නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment